Ananmanan.lk

කවද හරි දවසක අපි හැමෝටම මෙතනට එන්න වෙනවා

March 5, 2017
views : 2763
අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි මොන තරම් දේවල් කරනවද? කොයි තරම් නම් දේවල් රැස් කරනවද? ජීවත්වීම තරඟයක් නම් මේ තරඟය ඇතුලේ ඉස්පාසුවක් නැතුව අපි දුවනවා. එහෙම දුවලා දුවලා නවතින තැනක් එනවා. එතන තමයි සුසානය. ජීවත් වෙලා ඉන්නකොට වගේ නෙමෙයි මෙතැනදී හැමෝම සන්සුන්. කිසිම කලබලයක් නැතුව නිවාඩු පාඩුවේ මිහිදන් වෙලා ඉන්නවා. ජාති ආගම් කුල බේද මුකුත්ම අදාලම නෑ. එකම පස් ගොඩක හතර රියනක් යට සැතපුණු මේ අයගේ ජීවත් වෙලා ඉන්න කාලේදී කොයි තරම් නම් පංගු බේරුවට වැඩ කරන්න ඇත්ද? කවද හරි දවසක අපි හැමෝටම මෙතනට එන්න වෙනවා. ඒත් එහෙම දෙයක් ගැන මතක් කරන්නවත් දැන් අපිට හිතෙන්නේ නැත්තේ ඊට වඩා ගොඩාක් දේවල් ජීවිතේ හිතන්න වෙන නිසා.

සුසාන භූමියෙ ඉන්නවා රැකවලෙක්. ඒ මනුස්සය තමයි මේ හැමෝමව බලා කියා ගන්නේ. එයාට කිසිම බයක් සැකයක් නෑ මේ මිහිදන් සුසුම් ගැන. ජීවත් වෙලා ඉන්න මනුස්සයොන්ට තමා මහත්තයෝ මං බය කියලයි එයා උත්තර දෙන්නේ. එක පැත්තකින් බැලුවම ඒකෙත් ඇත්තක් තියනවා. මේ මනුස්සය කිව්වා හරි අපුරු කතාවක්. කෙනෙක් මිහිදන් කල අලුත ඒ කෙනාගේ යාළු මිත්‍රයෝ, හිතවතුන්, ගෙදර අය නිතරම යනවා එනවලු. ඉටිපන්දම් පත්තු කරන්න. මල් තියන්න ඇවිත් යනවලු. ඒත් ටික කාලයක් යනකොට ඒ ඉටිපන්දම් වල ඉටි විතරක් සොහොන් කොත ළඟ ඉතුරු වෙලා පරවුණු මල් පෙති හුළඟට ඈතට ගහගෙන යනවලු. ආපු ගියපු අයට ඇවිත් යන්න අමතක වෙනවලු. අපිව දාල ගියපු අයගේ මතකය හරිම තාවකාලිකයි කියල ඒ රැකවලා හිතනවා. මිහිදන් ජීවිත ගොඩක තනි රකින්න භාර වෙච්ච මේ මනුස්සයාගේ උගත්කම කොහොම උනත් ජීවන සරසවියෙන් ඉගෙනගත්ත අනේක විධි පාඩම් වලින් මේ රැකවලා සෑහෙන පොහොසත් කියල මට ඒ වෙලාවේ හිතුනා. හැන්දෑ කළුවර එක්ක මිහිදන් සුසුම් වලට තනි වෙන්න ඇරලා මං එතනින් පිටත් උනා.
RJ

Contributor

Latest Articles

තිරිසන් සතුන් ලවා හරි තරහා පිරිමහගන්න සම හරක් මිනිස්සු
දැන් කාලේ අයට අමතක වුණු ඒ කාලේ මතකයන් එකතු වුණු සමරු පොතේ ලියුවුණු මිහිරි මතක
මොනම හේතුවකටවත් තමුන්ගේ ආත්මය විකුනන්න එපා
පාරේ සිත්තරාගේ නොදුටු පැත්ත
කිරිවෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවඳයි