Ananmanan.lk

දැන් කාලේ අයට අමතක වුණු ඒ කාලේ මතකයන් එකතු වුණු සමරු පොතේ ලියුවුණු මිහිරි මතක

March 6, 2017
views : 1039
ඕලෙවල් ඒලෙවල් ඉවර වෙනවා කියන්නේ එක විදිහකින් කාලයක් එකට පන්ති කාමරේ හිටපු යාලුවන්ගෙන් සමුගන්න වෙනවා කියන එක. ඒක එක විදිහකින් සැරටම හිතට දැනෙන මොහොතක්. ස්කෝලේ කාලේ සුන්දරත්වය ගැන ඉතින් කථන්දර අනවශ්‍යයිනේ. මේ කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි. ඒ විදිහට සමුගන්න වෙලාවක් ආවම ඒ කාලේ තිබ්බ, හිතට දැනෙන හැගීම් බෙදාගන්න පුළුවන් අපූරු ක්‍රමයක්. ඒ තමයි සමරු පොත් හුවමාරුව. හැමෝටම තමන්ගේම සමරු පොතක් තිබ්බා. රෝස පාට පිටු වල ආදරණීය පින්තූර එක්ක හැඩ වැටුන මේ සමරු පොත් ඒ කාලේ හරිම ජනප්‍රියයි. ගැහැණු ළමයිගේ මුතු ඇට වගේ අකුරු එක්ක පිරිමි ළමයිගේ කොස් ඇට වගේ අකුරු එක්ක ඒ සමරු පොත් පාට වැටුනා. ගතවුනු කාලේ ඉතුරු වෙච්ච සුන්දර මතකයන්ගෙන් ඒ සමරු පොත් පිරුණා. ලෙන්ගතු සුභ පැතුම් එක්ක හොඳ ප්‍රථිපලයක් ගන්න ආශිර්වාදයන් එක්ක සමරු පොතේ මතක සැමරුම් හැමෝගෙම ඇස් වල පුංචි කඳුලක් ඉතුරු කළා. පටන් ගන්න යන අලුත් ජීවිතේ පරණ යාළුකම් වෙනුවෙන් අන්තිමට ඉතුරුවෙන්නේ ඒ සමරු පොත විතරයි කියල හැමෝම දැනන් උන්නා.

ගුරුවරුන්ගේත් මේ වෙනුවෙන් අකමැත්තක් තිබුනේ නෑ. සාහිත්‍ය රසයත් එක්කම බැඳීමක තියන වටිනාකම ගැන පාසැල් කාලේ ඉඳන් අවබෝධයක් ළමයිට තියන එක වටිනවා කියල ගුරුවරු හිතන්න ඇති. හැමෝම බලන නිසා අනවශ්‍ය මගුල් ලියන්න ගිහින් අන්තිම මොහොතේ කාර්ඩ් එක කුඩු කරගන්න කවුරුත් කැමති උනේ නෑ. ඒ නිසා තමන්ගේ නමත් එක්ක ලස්සනට ගලපගත්ත වචන පෙලකින් සමරු සටහන ලියන්න කස්ටිය උනන්දු උනා. ඔය අස්සේ මෙච්චර කාලෙකට හිතේ තියාගන්න බැරුව තිබ්බ සමහර දේවලුත් ලාවට වගේ කියාගන්න මේක අවස්ථාවක් කරගත්ත අයත් හිටියා. ඒ සටහන් වලට ප්‍රතිචාර නම් ඉතාම ඉහලයි. සමරු පොතේ අන්තිම පිටුව තමයි පිස්සු පිටුව. තනිකරම මඩ විතරයි ඒකෙ තිබ්බේ. මං හිතනවා ඔබට ඒ සුන්දර අතීතය අමතක නැතුව ඇති. ඔබටත් සමරු පොතක් තිබ්බ නම් ගෙදර ගිය වෙලාවක පොඩ්ඩක් අවුස්සලා ඒ පොත හොයාගන්න බලන්න. ඒ කාලේ උන්නු යාළුවො වෙනස් වෙලා තියන තරම ගැන ඔබට හදවතටම දැනේවි. දූවිලි පිහිදල පුස් ගඳ අමතක කරලා ඒ සුන්දර මතකේ පිටුවක් දෙකක් පෙරලන්න.
RJ

Contributor

Latest Articles

තිරිසන් සතුන් ලවා හරි තරහා පිරිමහගන්න සම හරක් මිනිස්සු
කවද හරි දවසක අපි හැමෝටම මෙතනට එන්න වෙනවා
මොනම හේතුවකටවත් තමුන්ගේ ආත්මය විකුනන්න එපා
පාරේ සිත්තරාගේ නොදුටු පැත්ත
කිරිවෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවඳයි