Ananmanan.lk

මීතොටමුල්ලේ කඳුළු කැට

April 19, 2017
views : 1234
ජීවිතේ කියන්නේ එක පුංචි ඇසිල්ලකින් වෙනස් වෙන්න පුළුවන් දෙයක්. අහිමි වීම් වෙන්න පුළුවන් දෙයක්. ඒත් ඒ අහිමි වීම සිද්ධ වෙන හේතුව උඩ ගොඩක් දේවල් වෙනස් වෙනවා. මීතොටමුල්ලේ කඳුළු කතාව දැන් නොදන්නා කෙනෙක් නෑනේ. ඒ වෙනුවෙන් සුදු කොඩි උස්සල, තම තමන්ගේ අදහස් දක්වල, මියැදුණු ජීවිත වලට සෙත් ශාන්තිය පතපු ගොඩක් දෙනෙක් මුහුණු පොතේදී පහුගිය දවස් ටිකේදි අපි දැක්කා. සමාජ ජාලයක වටිනාකම ඉස්මතු වෙන්නේ හරියටම මේ වගේ අවස්ථා වල.

කියමනක් තියනව ලංකාවේ මිනිස්සුන්ට ඕනිම දෙයක් මතක දවසයි දෙකයි කියල. ජීවත් වෙන්න තියන අරගලයත් එක්ක තවත් කෙනෙක්ගේ කරදරයක් වෙනුවෙන් සෝ සුසුම් හෙලන්න පුළුවන් කාල සීමාව එක එක්කෙනාට වෙනස්. ඒ උනත් එක දවසකට හරි එක මොහොතකට හරි ඒ වේදනාව දැනෙන එක තමයි වැදගත්. මීතොටමුල්ලේ මිහිදන් ආත්ම වෙනුවෙන් මුහුණු පොතේ හඬ නගපු හැම කෙනාටම අපි උත්තමාචාර කරන්නේ අන්න ඒ වේදනාව, යුතුකම කියන දේ හැම හදවතකටම අරන් යන්න ඔවුන් උත්සාහ දරපු නිසා. සමහර විට තව දවසකින් දෙකකින් මුහුණු පොතට අලුත් මාතෘකාවක් ඒවි. හැබැයි ඒ එනකන්වත් මීතොටමුල්ල වෙනුවෙන් එක පුංචි අකුරකින් හරි යුතුකම් ඉෂ්ට කරන එක වැදගත්.

මේ සිද්ධ වුනු අවාසනාවන්ත සිදු වීම වෙනුවෙන් නිසි බලධාරීන් ක්‍රියාත්මක වෙයි කියල අපි හිතනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට බලපෑම් කරන එක තේරුමක් නැති වැඩක්. මොකද ලංකාවේ පිකටින් වගේ ඒවාට දැන් තියෙන්නේ අඩු ලන්සුවක්. හැබැයි බලපෑම් නොකලත් ඔවුන්ගේ හදවතේ නිදන් වෙච්ච මනුස්සකම නැගිට්ටවල බොරු රැවටීම් නැතුව ආයෙමත් සැරයක් කුණු ගොඩකට ජීවිතයක් යට නොවෙන තැනට වැඩ කරන්න ඔවුන්ව පෙළගස්සන්න පුලුවන්නම් ඒක වටිනවා.

අකුරු වලට ඔබ නොදන්නා බලයක් තියනවා. ඉතිහාසයෙත් පිළිවෙලකට ගැලපුණු අකුරු වලින් ජාතියක්ම අවධි වෙලත් තියනවා. ලියන්නේ කොළ වලද නැත්නම් ඩිජිටල් තිරයකද කියන එක අදාළ නෑ. ඔබ ලියන්න. අහක දාන කුණු රොඩ්ඩකට තවත් ජීවිතයක් බිලි නොවෙන්න, ඒ වෙනුවෙන් බලතල තියන මහත්තුරුන්ගේ පපු කැනත්ත උණු වෙන්නම මුහුණු පොතට ඔබේ නිර්මානශීලිත්වය එකතු කරන්න. like කීයක් වැටුනත් views කීයක් තිබ්බත් කමක් නෑ. ඔබට පුළුවන් දේ ඔවුන්ගේ මිහිදන් ආත්මයන් වෙනුවෙන් කරන්න.
RJ

Contributor

Latest Articles

ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව
ඔයත් ඔයාගේ බර සහ මහත නිසා පීඩා වීදිනවද?
දුඹුරු ළමිස්සි සිංදුව ලියැවුණේ මෙහෙමයි
ආදරේ එකිනෙකාට ප්‍රකාශ කර විට දැන ගත යුතුම දේවල්
බූට් එක