Ananmanan.lk

ඩෙනිම් කලිසමේ තියෙන චුටි සාක්කුවේ තියන වැදගත්කම ඇහුවොත් ඔබ පුදුම වෙයි

May 17, 2017
views : 6947
ගොඩක් දෙනා ඩෙනිම් කලිසම් ඇන්ඳට එකේ තියන වැදගත් කරුණු දන්නේ නෑ. හරියට අළුත් ෆෝන් එකක් අරන් එකේ වැඩ කෑලි ටික දන්නේ නෑ වගේ තමයි ඉතිං. මිට පෙර ලිපියේ සදහන් කරේ ඩෙනිම් කලිසමේ ඇති පුංචි බොත්තම් (රිවට්) වල ඇති විශේෂත්වය ගැන නේ. දැන් අපි කතා කරන්න යන්නේ ඩෙනිම් කලිසමේ තියෙන චුටි සාක්කුව මොකක්ද කියල. මොකද බොහෝ දෙනා දන්නේ නෑ ඇයි එහෙම චුටි සාක්කුවක් කලිසමේ තියෙන්නේ කියලා.

ඇත්තටම ඩෙනිම් කලිසමේ මේ වගේ චූටි සාක්කුවක් නිර්මණය කරලා තියෙන්නේ 1800 ගණන් වල හිටපු කව් බෝයිලට එයාලගේ ඔරලෝසුව දාගන්න පහසු වීම සදහාලු. එයාලා ඒ චුටි සාක්කුවට රහස් සාක්කුව කියලත් නම් කරලා තියනවා කියල තමයි සදහන් වෙන්නේ. ඒ වගේම එයාලා රහස් සාක්කුව කියල පාවිච්චි කරලා තියෙන්නේ තම බිරිදට හොරෙන් කොන්ඩම් දාගෙන යෑම සදහා කියලත් කට කථා පැතිරී තිබෙනවා.

කෙසේ නමුත් මෑතකදී නම් මේ චුටි ඩෙනිම් සාක්කුව සිල්ලර දැමීමට පහසුවීම සදහා නිර්මාණය කරා කියලත් කටකතා ගිහින් තියනවා. හැබැයි මේ සාක්කුවට පැරැන්නෝ විවිධ නම් භාවිතා කර තිබෙනවා. ඒ තමයි frontier pocket, condom pocket, coin pocket, match pocket and ticket pocket ව‍ගේ නම් කිහිපයක්.
DR

Contributor

Latest Articles

ඔයාගේ කොල්ලත් මේ වගේ නම් ජිවිතේට අත අරින්න එපා
ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව
ඔයත් ඔයාගේ බර සහ මහත නිසා පීඩා වීදිනවද?
දුඹුරු ළමිස්සි සිංදුව ලියැවුණේ මෙහෙමයි
ආදරේ එකිනෙකාට ප්‍රකාශ කර විට දැන ගත යුතුම දේවල්