Ananmanan.lk

දුම්පානය නිසා ශරීරයට සිදුවෙන හානි ගැන ඔබ දැන සිටියද?

May 18, 2017
views : 1126
දුම්පානය ඔබේ සෞඛ්‍යයට අහිතකර බව ඔබ දැනටමත් දන්නවානේ. ඒත් ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ කියල අවබෝධයක් ගන්න පුළුවන් මේ ලිපිය බැලුවට පස්සේ. ඇත්තටම බැලුවොත් අපේ මුළු ශරීරයටම විස සහිතයි දුම්පානය කිරීම. ඇස් පෙනීම පවා දුර්වල වෙනවා කියල නවතම සොයා ගැනීම් වල තියෙනවා. කොහොම වුනත් ශරීරයේ තියෙන සෑම කොටසකටම බලපානවා දුම්බිමේ ප්‍රතිවිපාක. දැනට අවශ්‍ය ප්‍රධානම අංග ගැන පොඩි සටහන් දෙන්නම්.


සම

වයස්ගත වීමත් සමග ක්‍රමයෙන් සමේ රැළි ඇතිවීම දක්නට ලැබෙන දෙයකි. දුම්පානය කිරීම, සමේ රැළි ඇතිවීම ඇතුළු සමේ වයස්ගතවීමේ ක්‍රියාවලිය ඉක්මන් කරනවා. බොහෝවිට ඔබ දැකල ඇති දුම්පානය කරන අවුරුදු 40ක පුද්ගලයෙක් සහ අවුරුදු 75ක් පමණ වයසැති දුම්පානය නොකරන පුද්ගලයෙකු ගත්විට ඒ දෙන්නාගේම සමේ පෙනුම සමාන විය හැක. තවද සමේ පිලිකා හට ගන්නත් පුළුවන්.


ලිංගික අවයව

දුම්පානය කරන පුරුෂයන්ගේ ලිංගික අවයව නිසි පරිදි ප්‍රාණවත් නොවීමට වැඩි අවදානමක් තියනවලු. ඔබ වැඩි වැඩියෙන් දුම්පානය කරන පිරිමියෙක් නම්, ලිංගික අවයව ප්‍රාණවත් නොවීම ලොකු අවදානමක් තියනවලු. ඒ වගේම පිරිමි අයගේ වෘෂණ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කියල තමයි දැනගන්න ලැබෙන්නේ.

ඉතිං මේ ගැන හිතලවත් දුම්පානය නතර කරොත් හොදයි කියල හිතෙනවා නේද?


පෙනහලු

පෙනහලු පිළිකා වලින් 93% ක් පමණ ඇතිවන්නේ දුම්පානය කිරීම නිසා. ශ්‍රී ලංකාවේ පිරිමි අයට ඇතිවන පිළිකා වලින් දෙවන ස්ථානය ගන්නේ පෙනහලු පිළිකා බව ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. දුම්පානය කිරීම පිළිකා ඇතිකරන්නේ පෙනහලු වල පමණක් නොවේ. එය මුඛයේ, වකුගඩු වල, අක්මාවේ, මුත්‍රාශයේ, අග්න්‍යාශයේ, ආමාශයේ, මහා බඩවැල් වල සහ ගුදයේ පිළිකා ඇතිකිරීමට සමත්ය. එමෙන්ම, දුම්පානය කිරීම chronic obstructive pulmonary disease (COPD) නැමැති නිදන්ගත හතිය ඇතිකරන රෝගය ඇතිකරන ප්‍රධානම සාධකය වෙනවා කියල සොයාගෙන තියනවා. මෙම රෝගයේදී, පෙනහලු වල කුඩා ශ්වාස නාල සහ ගර්ත වලට හානි සිදුවීම දක්නට ලැබෙනවලු.


හදවත

ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ වලට වැඩිම දායකත්වය (14.8%) දක්වන හෘද රෝග සඳහා හේතුවන ප්‍රධාන අවදානම් සාධකයක් ලෙස දුම්පානය දක්වන්න පුළුවන්. දුම්පානය කිරීම නිසා හෘදයේ ඇති රුධිර වාහිනී ඝනවී, සිහින් වන අතර, රුධිරයේ ඝනකමද වැඩිකර කැටිගැසීමට ඇති හැකියාවද වැඩි කරනවා.
DR

Contributor

Latest Articles

ඔයාගේ කොල්ලත් මේ වගේ නම් ජිවිතේට අත අරින්න එපා
ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව
ඔයත් ඔයාගේ බර සහ මහත නිසා පීඩා වීදිනවද?
දුඹුරු ළමිස්සි සිංදුව ලියැවුණේ මෙහෙමයි
ආදරේ එකිනෙකාට ප්‍රකාශ කර විට දැන ගත යුතුම දේවල්