Ananmanan.lk

රෙස්ටුරන්ට් එකට ගියොත් අනිවාරෙන් මේ වගේ සෙට් එකක් අපිත් එක්ක ඉන්නවාම තමයි

May 19, 2017
views : 1872
සතියකට පාරක්වත් රෙස්ටුරන්ට් එකකින් ඒ කියන්නේ හයි-ෆයි කඩේකින් කෑම ටිකක් කන්න ගොඩක් අය යනවනේ. යාළුවෝ එක්ක හරි, ඔෆිස් එකේ සෙට් එකත් එක්ක, නැත්තම් පෙම්වතා පෙම්වතිය එක්ක හෝ පවුලේ අයත් එක්කත් යනවා. සතියම වැඩ කරලා එකම තැනින් නැත්තම් අම්මගේ බත් එකම කාලා ඉන්න නිසා, අනිවාරෙන් වෙසකටත් එක්ක ටිකක් වැඩි ගානක් දීලා කෑම ටිකක් කන්න යන එක බොහෝ දෙනාගේ පුරුද්දක්.

ඔන්න අපේ ඔෆිස් එකේ එකෙක් නම් හයි-ෆයි කඩේක වැඩකරන කෙල්ලෙක්ට ට්‍රයි. ඒක නිසාම කොහොමහරි ඌට පිං සිද්ධ වෙන්න සතියට දෙපාරක් විතර හොද කෑමක් කන්න යනවා. කෙල්ලට නම්බරෙත් දී ගත්තේ බොහොම අමාරුවෙන්. කොහොම හරි ඉස්සරහට නම් ආයෙත් ඒ කඩේ පැත්ත පළාතේ යන්න බැරි වෙයි කියල හිතෙනවා නොන්ඩිවෙලා තියෙන විදියට. හරි දැන් මං කතාවට බහින්නම් කෝ.

1. කෑම කන්න ඔය ලොකු ලොකු කඩවලට ගිහාම සෙල්ෆි ගහන සෙට් එක තමයි ඉතිං වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ. අද කන්නේ මෙහෙන්, කන්නේ pizza කිය කිය මොකක් හරි social media එකකට ෆොටෝ එකක් දානවා. එහෙම කරන්නේ ගොඩක්ම ඉතිං කෙල්ලෝ තමයි. සමහරවිට පොෂ් බව ලෝකයාට පේන්න වෙන්න ඇති නේ? හික්ස්..

2. සමහර වුන් ඉන්නවා හැමදාම වගේ අළුත් කෑමක් ටෙස්ට් කරන්න හදන එකෙක්. මගේ යාළුවෙකුත් ඉන්නවා හැබැයි ඌ ඕඩර් කරනවා විතරයි කන්නේ නෑ. කටක් කනවා "අපෝ බං මේක කන්න බෑ" කියල ගෙදර යනවා. හැමදාම ගිහාම මෙනු එක කියවනවා අළුත් නමක් දැක්ක ගමන් කමු කියල ඕඩර් කරනවා. ඔහොම ඩයළුත් ඉන්නවා.

3. ආ... ආයේ කපල්ස් කන්න ගිහාම. ඕඩර් කරාට ඉතිං කන්නේ නෑ. මොකද බඩයි හිතයි පිරිලානේ. ලොකු ලොකු දේවල් ඕඩර් කරනවා කෙල්ලට පේන්න හැබැයි ඉතිං දෙන්නම කටක්වත් ඒ ඕඩර් කරන කෑම වලින් කන්නේ නෑ. මොනවා හරි ගෙනාපු සොෆ්ට් ඩ්‍රින්ක් එකෙන් ටිකක් බීලා දෙන්න නැගිටලා යනවා. මට නම් ඉතිං තාම අත්දැකීම් නෑ ඒ ගැන. සමාජයේ දකින දේවල් තමයි.

4. කියන්න බැරිවුන සෙට් එකක් ඉන්නවනේ. බීලා කන්න හදන සෙට් එකක් අනිවාරෙන්ම අපේ හැම සෙට් එකකම ඉන්නවා. බීලම කනවා කියල ඉස්සල්ලා බොන්න පටන්ගන්නවා. බයිට් වලට මුකුත් නැති වුණාම අර කන්න ගෙනාපු කෑම බයිට් එකට කනවා. පස්සේ ඉතිං කන්න බලද්දී බීලා කන්න දෙයක් නෑ, බොනකොට ඔක්කොම කාලා. පස්සේ ඉතිං කන්න දෙයක් නැති නිසා බඩගින්නෙම ගෙදර යනවා. හැබැයි සමහර වුන් නම් බීල කන්නේ නෑ හොදේ. බඩ පිරෙනවා නේ.

5. මූ තමයි සෙට් එකේ ඉන්න වැදගත්ම පොර. හැම සෙට් එකකම අනිවාරෙන් ඉතිං මෙහෙම පොරක් ඉන්නවා. අපේ සෙට් එකේ නම් මේ ප්ලේස් ඒක රැකගෙන ඉන්නේ අපේ බෝසා. කන්නනේ අවේ හොදට කනවා කියල ඕඩර් කරලා හොදට කනවා. කන්න කැමති කෑම විතරයි ඕඩර් කරන්නේ. අසාවෙන් කන්න ගන්න ඔක්කොම ටික බඩ පිරෙන්න කාලා සතුටින් ගෙදර යනවා. ආයේ සෙල්ෆි ඕනිත් නෑ මුකුත් ඕනි නෑ කෑම තියනවා නම්.
DR

Contributor

Latest Articles

බණ්ඩාරවෙල පැත්තේ රවුමක් ගහන්න යන්න ඉන්නවා නම් මේ පැති වලත් යන්න
හරියට ෆෝන් එක යූස් කරන්න දන්නේ නැති අයට වැදගත් කරුණු කිහිපයක්
ගැස්ට්‍රිටිස් (Gastritis) තියෙනවා නම් අනිවාරෙන් කියවලා බලන්න. ඔයාට වැදගත් වෙයි
ඔයාගේ කොල්ලත් මේ වගේ නම් ජිවිතේට අත අරින්න එපා
ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව