Ananmanan.lk

ඔයත් ඔයාගේ බර සහ මහත නිසා පීඩා වීදිනවද?

June 20, 2017
views : 3293
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, තමන්ගේ බර නැත්තම් මහත. ඉතිං එහෙම කියල අපේ කට්ටිය කරන්නේ කන එක අඩු කරන එක. තවත් කට්ටියක් රෑට නොකා ඉන්නවා. ඊට පස්සේ පහුවදා ඉතිං රෑට නොකාපු එව්වත් එක්ක අල්ලලා කනවා. ගොඩක් දෙනෙක් එහෙම තමයි. එකෙන් බර අඩු වෙන්නේ නැහැ තවත් වැඩි වෙනවා විතරයි. ඇත්තටම කිවුවොත් ගොඩක් මහත අය ව්‍යායාම කරන්න කම්මැලිනේ. කම්මැලි වුණොත් නම් ඉතිං බර අඩුකරගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. අනිවාරෙන්ම කැපවීම තියෙන්න ඕනි මම මේ දේ කොහොම හරි කරනවා කියලා. ඒ අධිෂ්ටානය තිබුනොත් කිසිම ගේමක් නැතුව ඔයාගේ බර අඩු කරගන්න පුළුවන්.

සාර්ථකව බර අඩුකරගන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියවලා බලන්න. ඔයාට වැදගත් වෙයි.

කොච්චර කාලයක් ඇතුලත බර අඩු කරගන්නවද කියල හිතාගන්න

ඔබට ගැලපෙන බර අඩුකරගැනීමේ ඉලක්කය පැහැදිලිව කොලයක සටහන් කරගන්න. එය, ඔබේ දිවියට වැදගත් වන්නේ කොහොමද යන්න සරලව ලියන්න. එම සටහන, දිනපතාම ඔබට ඇස ගැටෙන ස්ථානයක අලවා තැබීමෙන්, ඔබේ උද්‍යෝගය පවත්වා ගැනීම පහසු වනු ඇත.

වෙනස් වෙන්න

දිනපතාම එකම ව්‍යායාම නොකර විවිධත්වයක් ඇතිකර ගන්න. එමගින්ද, ඔබේ උනන්දුව දිගටම පවත්වා ගන්න පුළුවන්.


ඔබේ ඉලක්කය තුළ කෙටිකාලීන ඉලක්කයක් ඇතිකරගන්න

උදාහරණ වශයෙන්, කුඩා මැරතන් ධාවන තරඟයකට සහභාගී වීම දැක්විය හැක. එම තරඟය සඳහා පුහුණුවීම මගින්, ශාරීරික යෝග්‍යතාවය වැඩිකරගැනීමට හොඳ ඉලක්කයක් ලැබෙන අතර, ශාරීරික ක්‍රියාකාරකම් වල මට්ටම ඉහළ තලයක පවත්වා ගැනීමටද හැකියාවක් තියෙනවා.

ඔබ ගන්නා කැලරි ප්‍රමාණය නැවත විමසා බලන්න

ඔබේ ශරීරයට ගැලපෙන කැලරි ප්‍රමාණය ගන්නේ දැයි මදක් සොයා බලන්න. ඇතැම් විට, ඔබ කලින් සිතන ලද කැලරි ප්‍රමාණයට වඩා අඩු අගයක් ගැනීමට අවශ්‍ය විය හැක. ඇතැම් විට, ඔබ ප්‍රමාණවත් තරම් කැලරි ප්‍රමාණයක් නොගන්නවාද විය හැක. එවිට, ඔබේ ශරීරය නිරාහාර අවධිය (Starvation mode) කට පත්වන අතර, එමගින් තවදුරටත් බර අඩුවීම නැවතීම සිදු වෙනවා.

වැදගත් වන්නේ, තරාදියේ ඉලක්කම් වලින් පමණක් ඔබේ උත්සාහය නිර්වචනය නොවන බව වටහා ගැනීමයි. කෙසේ බර අඩුකර ගත්තත් අවසානයේදී එයින් ලැබෙන ප්‍රතිඵලය සෞඛ්‍ය සම්පන්නයි.
DR

Contributor

Latest Articles

ඔයාගේ කොල්ලත් මේ වගේ නම් ජිවිතේට අත අරින්න එපා
ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව
දුඹුරු ළමිස්සි සිංදුව ලියැවුණේ මෙහෙමයි
ආදරේ එකිනෙකාට ප්‍රකාශ කර විට දැන ගත යුතුම දේවල්
බූට් එක