Ananmanan.lk

ඔයාගේ කොල්ලත් මේ වගේ නම් ජිවිතේට අත අරින්න එපා

July 3, 2017
views : 8963
කොල්ලෙක් වුණාහම මනුස්සයෙක්ට රෙස්පෙක්ට් කරන්න පුළුවන් වෙන්න ඕනි. ඕනිම කෙනෙක්ට. ඒ කියන්නේ හැදියාව සුපිරියටම තියෙන්න ඕනි කිවුවොත් හරි. විශේෂයෙන්ම පිරිමියෙක් වුනාහම ගැහැණියකට රෙස්පෙක්ට් කරන්න දැනගෙන ඉන්න ඕන. ඒක නැත්තම් ඉතිං පිරිමිකමෙන් ඇති වැඩකුත් නෑ. ඔන්න ඉතිං අද කියන්න යන්නේ නියම පිරිමියෙක් ලග තිබිය යුතු ගති ලක්ෂණ කිහිපයක් ගැන. ඔයාගේ පෙම්වතා ලග මේ ගති පැවතුම් තියනවා නම් එයාව අත අරින්න එපා එයාව ආරක්ෂා කරගන්න.


ගරුත්වයක් දීලා කථා කරන කෙනෙක්

ඒ කියන්නේ නිකන් පොෂ් ලෙවල් එකට කථා කරනවා කියන එකම නෙවෙයි. නමුත් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කරනකොට පට ගාලා ඒක තේරෙනවානේ. අපි දන්නේ නැති ගැහැණු කෙනෙක් එක්ක කථා කරනවා කියලා හිතන්න කෝ. එහෙම වෙන කොට මිස්/මහත්මිය බැරිනම් නෝනා කියලා හරි කතා කරන එක නරක දෙයක් නෙවෙයි. ඒ වගේ කතා කරන කොල්ලෙක් නම් ඒ පට්ටම හැදියාවක් තියන කොල්ලෙක් කියලා බාහිරෙන් අපට මැන ගන්න පුළුවන් වෙනවා.

කෙල්ලගේ වැරදි කාටවත්ම කියන්නේ නැති කොල්ලෙක් නම්

සාමන්‍යයෙන් ගොඩක් කොල්ලෝ තමන්ගේ කෙල්ලගේ වැරදි තමන්ගේ හොදම යාළුවාට කියනවා. ඒක ඉතිං අර බොක්කට බොක්ක වගේ නිසා වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ කෙල්ලගේ කොච්චර වැරදි තිබ්බත් ඌ යාළුවන්ට කෙල්ලගේ වැරදි කියන්නේ නෑ. අන්න ඒ වගේ කොල්ලෝ තමයි නියම පිරිමි. තමන්ගේ ප්‍රශ්නයක් තියනවා නම් ලෝකයට නොකියා දෙන්නා කතාබහ කරලා විසද ගන්න එක තමයි හොදම දේ.


දැක්ක පලියට එකී බඩුවක් වගේ කියන කොල්ලෝ අතරේ එහෙම නොකියන පිරිමි

කිසිම දෙයක් හරියට නොදැන අපිට කාටවත් ඇගිල්ල දික් කරන්න බැහැ. කිසිම දෙයක් ඇස් දෙකෙන් දකින්නේ නැතුව කාටවත් ඇගිල්ල දික් කරන්නේ බැහැ. කිසිම දෙයක් දන්නේ නැතුව දැන් කලේ ඉන්න කොල්ලෝ පුරුදු වෙලා තියෙනවා කොටට කොටේ කෙල්ලෙක් ඇදන් ගියොත් අන්න මචං ඒකි "පට්ට බඩුව" කියන්න. ඒ අතරේ කිසිදෙයක් නොදැන කථා කරන්න එපා මචං කියන කොල්ලොත් ඉන්නවා.

කෙල්ලගේ අවංක කම අගයන කොල්ලෙක් නම්

දැන් ඉන්න බොහෝ දෙනා බොරුවෙන් ජිවත් වෙන්නේ. කොල්ලෝ විතරක් නෙවෙයි. කෙල්ලොත් එහෙමයි. ඒකම ඇති දෙන්නට ඇන ගන්න. ඒ අතර ඉන්නවා කෙල්ල කියන හැම දෙයක්ම බොක්කෙන්ම විශ්වාස කරන කොල්ලෝ. කෙල්ල ගැන කිසිම සැකයක් නෑ. ඒ විශ්වාසය රැක ගන්න එක තමයි කෙල්ලේ උබට තියෙන වගකීම. කොල්ලා තමන්ගේ අම්මාව වගේ විශ්වාස කරනවා නම් ආයේ මේ ආත්මෙට ඔය වගේ කොල්ලෙක් සෙට් වෙන්නේ නෑ උබට.

තමන් කියන දේට එකග නොවුනත් එකග වෙන කොල්ලෝ

තමන් හරි කියලා ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නවා නේ. ඒ ඉතිං කෙල්ලන්ගේ හැටි නේ. ඒ වැරදි කියලා පෙනී පෙනීත් කෙල්ලගේ හිත රිද්දන්න කැමති නැති නිසා කොල්ලා වැරදි කියලා වැරැද්ද පිලිගන්න කොල්ලෝ ඕනි තරම් දැකලා තියෙනවා. ඒ කියන්නේ කොල්ලා පණ ඇරලා කෙල්ලට ආදරේ කියන එක තමයි ඉතිං.

මේ වගේ කොල්ලෙක් එක්ක නම් ඔයා යාළුවෙලා ඉන්නේ පොඩි පොඩි දේවල් වලට හිත්‍ අමනාපකම් ඇති කරගන්නේ නැතුව සතුටින් ඉන්න. මේ වගේ කොල්ලෝ දැන් සමාජේ ගොඩක්ම අඩුයි.

එහෙනම් අදට එච්චරයි.
DR

Contributor

Latest Articles

ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව
ඔයත් ඔයාගේ බර සහ මහත නිසා පීඩා වීදිනවද?
දුඹුරු ළමිස්සි සිංදුව ලියැවුණේ මෙහෙමයි
ආදරේ එකිනෙකාට ප්‍රකාශ කර විට දැන ගත යුතුම දේවල්
බූට් එක