Ananmanan.lk

ගැස්ට්‍රිටිස් (Gastritis) තියෙනවා නම් අනිවාරෙන් කියවලා බලන්න. ඔයාට වැදගත් වෙයි

December 19, 2017
views : 3078
මේ ලෙඩේ දවසකට හරි හැදුනේ නැති කෙනෙක් නැති තරම් කිවුවොත් මං හිතන්නේ හරි. බඩ දානවා නැත්ටම් බඩ පුරවා දානවා වගේ වුණාම ගොඩක් දෙනෙක් මොකක්හරි පෙත්තක් බොන එක එහෙමත් නැත්නම් යෝගට් එකක් වගේ දෙයක් කාලා ඉන්න එක. සමහර අය කෙසෙල් ගෙඩියක් කනවා.

ඒත් ගැස්ට්‍රිටිස් වල ඇත්ත තත්වේ දන්නවනම් ඔය ගොල්ලො එහෙම කරන එකක් නැහැ. මොකද බොහෝ කල් පවතින ගැස්ට්‍රිටිස් නිසා ආමශයේ විශාල තුවාල ඇතිවීමේ වගේම එම තුවාල කාලයකට පසුව පිලිකා තත්ත්ව වෙන්න පුලුවන් කියලා වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා.

ඉස්සල්ලා මම ගැස්ට්‍රිටිස් ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කෝ. අපේ අමාශය කියන්නේ අපේ ආහාර මාර්ගයේ ප්‍රධාන ගබඩාව එතනදි අපි ගන්න ආහාර වලට ගොඩක් දේවල් වෙනනේ. ඒ අතර වැදගත්ම දේවල් දෙකක් තියනවා මේ ලෙඩෙට සම්බන්ධ. එකක් තමයි එතනදි වෙන අම්ල ස්‍රාවය. අනික තමයි එතනදි ස්‍රවය කරන ප්‍රොටියොලිටික එන්සයිම. මේවයෙන් වෙන්නේ අපේ ආහාර ජීර්ණය හරියාකාරව පවත්වා ගන්න එක. ඒත් ඒ නිසාම විවිධ අයහපත් ප්‍රතිපල ලබෙන්න පුලුවන්. ඒ වගේ එක ලෙඩක් තමයි ගැස්ට්‍රිටිස් කියන්නේ. එකෙන් වෙන්නේ අපේ අමාශ බිත්තිය තුවාල වෙනවා. මෙන්න මේ තත්වය අපි ගැස්ට්‍රිටිස් කියල තමයි හඳුන්වනේ. ගොඩක්ම සරල කරලා ඔන්න කිවුවා ඔයාලට තේරෙන්නේ නැති වෙයි කියලා.

කාට හරි ගැස්ට්‍රිටිස් තියනවා කියපු ගමන් අහන්නෙ වෙලාවට කන්නේ නැ නේද කියලානේ. ඒත් වේලවට කැම නොගැනීම එහෙමත් නැත්නම් අක්‍රමවත් ආහාර පිලිවෙල විතරක්ම නෙමේ මේ ලෙඩේට හේතුව වන්නේ කියලත් වෛද්‍යවරුන් කියලා තියනවා. හොයලා බැලුවොත් අක්‍රමවත් ආහාර රටාවට අමතරව තව විවිධ හේතු තියෙන්න පුලුවන්.

1. අධික මානසික ආතතිය
2. සමහර බෙහෙත් වර්ග
3. Helicobacter pylori වගේ සමහර බැක්ටීරියා ආසාදන
4. ආහාර මාර්ගයේ සැකැස්මේ තියෙන දුර්වලතා
5. ආහාර මාර්ගයේ ඇතිවෙන පිලිකා
6. අධික මත්පන් භාවිතය වගේ දේවල්


මේ දේවල් වලින් වැළකෙන්න නම් කරන්න පුලුවන් හොදම දේ තමයි තමන්ගේ ආහාර රටාව වගේම ජීවන රටාවත් ක්‍රමානුකුල කරගන්න එක. එහම වුනහම ඔබට තියෙන තත්වය බොහෝදුරට මග හැරිලා යනවා. පාන් වගේ පිටි ආහාර අඩු කරන්න. තව දෙයක් මනසික ආත්තිය අඩු කර ගන්න එක. ඒකට ඉතින් භාවනා වගේ ක්‍රම හොදයි කියල තමයි මට නම් හිතෙන්නේ.
danujaya

Contributor

Latest Articles

බණ්ඩාරවෙල පැත්තේ රවුමක් ගහන්න යන්න ඉන්නවා නම් මේ පැති වලත් යන්න
හරියට ෆෝන් එක යූස් කරන්න දන්නේ නැති අයට වැදගත් කරුණු කිහිපයක්
ඔයාගේ කොල්ලත් මේ වගේ නම් ජිවිතේට අත අරින්න එපා
ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව
ඔයත් ඔයාගේ බර සහ මහත නිසා පීඩා වීදිනවද?