Ananmanan.lk

හරියට ෆෝන් එක යූස් කරන්න දන්නේ නැති අයට වැදගත් කරුණු කිහිපයක්

January 1, 2018
views : 1340
මේ දවස් වල ඉතිං mobile phone කියන්නෙ කොමන් දෙයක් නේ. දැන් කාලේ phone එකක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. හැබැ‍යි වැදගත් විදිහට phone use කරන්න දන්න අය ගොඩක් අඩුයි නේද ? Public places වල හැමෝටම ඇහෙන්න phone answer කරන මිනිස්සු ඒවගේම phone එකේ අවදානෙන් යන මිනිස්සු නිසා ඔබ අපහසුතාවයට පත්වුන අවස්ථා කොච්චර නම් ඇත්ද. වැඩිය ඕන නෑ බස් එකේදී , කෝච්චියේදී එහෙම කොච්චර අත්දැකීම ඇතිද. අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ ඒ ගැන. අද අපි කියන්න යන්නෙ මහත්මා ගතිගුණ පුරුදු පුහුණු කරන ඔබට වැදගත් ලෙස phone එක use කරන්නෙ කොහොමද කියලා. මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට මේක වැදගත් වෙයි.

වැදගත් conversation එකක් අතරතුර phone එක දෙස බලන්න, check කරන්න හෝ එළියට ගන්න එපා. මොකද ඔබත් සමඟ කෙනෙකු කතා කරන්නෙ ඔබ හොඳ සවන්දෙන්නෙකු යැයි සිතාය. ඒවගේම ඒ පුද්ගලයාට ඔබ කෙරෙහි විශ්වාසය පළුදුවීමටද එය හේතුවක්.

Meeting, Movie theaters වැනි අනෙක් අයට කරදරකාරී විය හැකි තැන්වලදී phone එක silent කරගන්න.

කිසියම් කෙනෙකු ඔබට සහයවීමට පැමිණි විට call එක hold කරන්න. මොකද එම පුද්ගලයා ඔහුගේ කාලය වැය කරන්නේ ඔබ වෙනුවෙන්. ඒ නිසා ඒ සඳහා priority එක දිය යුතුයි.

ඔබ සමඟ සිටින තවත් කෙනෙකු ඉදිරියේ call එකක් ගැනීමට හෝ answer කිරීමට පෙර ඔහුගෙන් ආචාරශීලීව විමසා සිටින්න.

පොදු ස්ථානවල call එකක් ගැනීමේදී හෝ answer කිරීමේදී ඔබගේ voice එක හා tone එක control කරන්න.

ඔබ call එකක සිටින විට ඔබ අවට සිටින කෙනෙකුට කෑගැසීමෙන් වලකින්න.

නිතර පුරුද්දක් ලෙස මිනිසුන් අඩු තැනකට ගොස් calls ගැනීමට හෝ answer කිරීමට වගබලාගන්න.

තව විශේෂ දෙයක් තමයි පණිවිඩයක් හෝ වෙනත් දෙයකට කතා කරහම කතාව ඉවර කරන්නත් කලින් කෝල් එක කට් කරන අය බොහෝ වශයෙන් දකින්න ලැබෙනවා. ඒක නිසා පුරුදු වෙන්න කතාව ට හොදින් ඇහුන්කන් දීලා ඊට පස්සේ කට් කරන්න.

ගොඩක් වෙලාවට අපි වෙනත් නම්බර් එකෙකින් call කරොත් අනිත් කෙනා "කවුද මේ කතා කරන්නේ" කියලා අහන්න කලින් තමන්ව හදුන්වලා දෙන්න. මොකද නැත්තම් අපි කෝල් එක ගත්ත කෙනා වැඩක හිටියා නම් එය ඔහුට කරදරක් වෙන්න පුළුවන්.

ධනුජය රත්නායක
danujaya

Contributor

Latest Articles

බණ්ඩාරවෙල පැත්තේ රවුමක් ගහන්න යන්න ඉන්නවා නම් මේ පැති වලත් යන්න
ගැස්ට්‍රිටිස් (Gastritis) තියෙනවා නම් අනිවාරෙන් කියවලා බලන්න. ඔයාට වැදගත් වෙයි
ඔයාගේ කොල්ලත් මේ වගේ නම් ජිවිතේට අත අරින්න එපා
ලංකාවේ හදවත පලා ලේ උරාබොන උමාඔය අර්බුදයේ සම්පූර්ණ කතාව
ඔයත් ඔයාගේ බර සහ මහත නිසා පීඩා වීදිනවද?