Ananmanan.lk

ටැටූ ගැන විවිධ පුද්ගලයන්ගේ මත...

January 24, 2018
views : 1135
ටැටූ කලාව ගැන විවිධ අදහස් කිහිපයක් හොයන්න හිතුණා. මොකද මං පෞද්ගලිකව ටැටූ වලට පට්ට ආසයි. ඉතිං ගොඩක් අය ටැටූ එකක් දැක්කම එක එක විදියට හිතනවා නේ. මට ඒ ගැන ටිකක් හොයන්න හිතුණා. මේ සමහර අය කියලා තියන විදිය.

ගොඩක් අය ටැටූ වලට ආස ඇයි දන්නවද?
“සමහර ටැටූස් හරිම කලාත්මකයි” කියන අය ඉන්නවා. ඒ ඉතිං කලාත්මක ඇහැක් තියන අය කිවොත් මං හිතන්නේ මං හරි.

ටැටූ එකක් කොටාගන්න ඒ කියන්නේ පච්චයක් කොටාගන්න කෙනෙක් පෙලඹෙන්නේ ඒ ගැන එයාට හැඟෙන විදිහ අනුව. උදාහරණයකට ජිලියන් කියන යෞවනිය මෙහෙම කියලා තියනවා.
“මං පුංචි කාලේ මාත් එක්ක ඉස්කෝලේ ගිය ළමයෙක්ගේ අම්මා මැරුණා. එයා යෞවන වයසට ආවාම එයාගේ අම්මාගේ නම එයාගේ බෙල්ලේ කොටාගත්තා. ඒ වගේ ටැටූ එකක් නම් හරිම ෂෝක් කියලයි මට හිතෙන්නේ..”

ඔයා ටැටූ එකක් ගහගන්න තීරණය කරන්නේ මොන හේතුව නිසා වුණත් කවදාවත් මකන්න බැරි ටැටූ එකක් ඔයාගේ ඇඟේ කොටාගන්න කලින් ඔයා ඒ ගැන හුඟක් හිතන්න ඕනේ.

එත් සමහරු මෙහෙම කියලා තියනවා. ඇත්තම කිව්වොත් මේවා එයාලගෙම අදහස් කිවොත් මං නිවැරදි...

ශරීරයට හානි වෙනවාද? ඒ ගැන එක වෙබ් අඩවියක මෙහෙම කියලා තියනවා.

“ටැටූ එකක් කොටද්දී හම තුවාල වෙන නිසා විෂබීජ ඇතුල් වෙලා ලොකු තුවාලයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක වටේ ඉදිමෙනවා. එහෙම නැත්නම් එතන තියෙන පටක වැඩිලා හම ඉස්සිලා පේනවා. ඒ විතරක් නෙවෙයි, ටැටූ ගහන්න පාවිච්චි කරන උපකරණ නිසා ලේවලින් බෝවෙන ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්..” — Mayo Clinic.

අනිත් අය ඔයා ගැන මොනවා හිතයිද? ඔයාගේ පෙනුමෙන් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා අනිත් අය තේරුම්ගන්නවා. ඔයා වැඩ කරන්නේ වැඩිහිටියෙක් වගේද, පුංචි ළමයෙක් වගේද, ඔයා විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක්ද, වගකීමක් භාර දෙන්න බැරි කෙනෙක්ද කියලත් ඔයාගේ පෙනුමෙන් අනිත් අය තේරුම්ගන්නවා. “ටැටූ එකක් ගහගෙන ඉන්න කෙනෙක්ව දැක්කාම මට හිතෙන්නේ එයා මත්පැන් බොන, පාටිවලට ආස කෙනෙක් කියලයි” කියලා යෞවනියක් වන සමැන්තා කියන පුද්ගලයා කියලා තියනවා.

වයස 18ක් වන මෙලනි ඒක දකින්නේ වෙන පැත්තකින්.
“ටැටූ එකක් නිසා කෙනෙක්ගේ නියම ලස්සන නැති වෙනවා කියලයි මට නං හිතෙන්නේ. තමන් ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා පෙන්නන්න අකමැති අය තමයි ටැටූ ගහගන්නේ..”

හැමදාමත් ඔයා ඒකට කැමති වෙයිද? කාලයක් යනකොට ඔයා මහත් වෙද්දී, වයසට යද්දී හම ඇදෙන නිසා ඒ ටැටූ එක කැත වෙන්න පුළුවන්. “අවුරුදු ගාණකට කලින් ටැටූස් ගහගත්ත අයව මං දැකලා තියෙනවා. දැන්නං ඒ ටැටූස් දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ” කියලා යෞවනයෙක් වන ජෝසෙෆ් කියනවා.

“ටැටූ මෝස්තර ඉක්මනින්ම යල් පනිනවා. මුලින් හුඟක් වටිනවා කියලා හිතුණත් කාලයක් යද්දී ඒකේ කිසි වටිනාකමක් නැහැ කියලා හැඟෙන්න පුළුවන්” කියලා අවුරුදු 21ක් වයස ඇලන් කියනවා.

එයා කියපු දේ හරි. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් වයසින් මුහුකුරා යද්දී එයා හිතන විදිහ, ආස කරන දේවල් වෙනස් වෙනවා. ඒත් තරුණ කාලේ ආසාවට කොටාගත්ත ටැටූ එක නම් ආයෙත් මකන්න බැහැ. “තරුණ කාලේ තියෙන පිස්සුවට ටැටූ ගහගෙන පස්සේ ඒ ගැන හිත හිත පසුතැවෙන්න මට කිසිම උවමනාවක් නැහැ” කියලා තරීසා කියන යෞවනිය කියනවා.

මේ වගේ එක එක අය විවිධ අදහස් දෙද්දී ටැටූ වලට ආදරේ කරන සහ ටැටූ වලට කැමති කෙනා කොහොමත් ටැටූ එකක් ගහනවා. ඒ මොහොත කොච්චර වේදනාකාරී උනත් ටැටූ වලට කැමති කෙනා ඉවසනවා. මගේ මතය නම් තමන් කැමති නම් ටැටූ එකක් ගැහුවට කමක් නැහැ. හැබැයි හොද පිළිගත් තැනකින් සහ හොද වැඩ කරුවෙකුගෙන්. (ඒ කිව්වේ හොද අර්ටිස් කෙනෙක්) නැත්තම් ඉතිං ගහණ ටැටූ එකෙන් තේරුමක් නැති වෙනවා නේ. එහෙනම් අදට නවතිනවා.

ධනුජය රත්නායක
danujaya

Contributor

Latest Articles

වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි
බොහෝ අය නොදැකපු ඩන්සිනන් ඇල්ල
මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8
හන්තානේ නගින්න කැමති ද?
ලැම්බෝගිනිය ගැන දන්නේ නැති අයට