Ananmanan.lk

මැස්සෝ වහපු කෑම කෑවොත් මොකද වෙන්නේ දන්නවා ද?

February 19, 2018
views : 236
පුද්ගලයන් පස් දෙනෙක් ගත්තොත් මැස්සෝ වහලා හිටියත් කිසිම ගානක් වත් නැතුව කන (අනුභව) කරන අය තුන් දෙනෙක් වත් ඉන්නවා. ඒ වගේම කැරපොත්තෙක් ලෙවකාලා තිබුණ කෑම එක කන අයත් 3% තුනක් පමණ සිටිනවා කියලා සමීක්ෂණයකින් සොයාගෙන තියනවා. මේ සමික්ෂණය සිදු කිරිම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරලා තියෙන්නේ රසෙල් රිසර්ච් නම් පරික්ෂණ ආයතනයයි.

මෙම සමික්ෂණයේ වු ප්‍රතිඑලය එතරම් පුදුම සහගත එකක් නෙවෙයි. නමුත් පුදුමෙ නම් පියාසර කරන මෙවැනි කුඩා සතුන් භායානක ලෙඩරෝග පතුරවන බව දැන දැනත් එම සතුන්ගේ පහස ලද ආහාර අනුභව කිරිමට වැඩි පිරිසක් කිසිදු පැකිළිමකින් තොරව ක්‍රියා කිරිමයි.

කැරපොත්තන් වැනි සත්වයින්ට වඩා ගෙමැස්සන් දෙගුණයකින් අපවිත්‍ර බව මහජනතාව සඳහා ආහාර සපයන භෝජනාගාර වල අයිතිකරුවන් සහ එවැනි ස්ථානවල සේවය කරන පුද්ගලයින් නොදැනුවත් විම ඉතාම අවසනවන්ත තත්වයකි. කීට වෛද්‍යවරයකු සහා ඔර්කින් හි තාක්ෂන සේවා අධ්‍යක්ෂවරයකු වන රොන් හැරිසන් මහතා මහජනතාව වෙත පවසා සිටින්නේ බැක්ටිරියාවන් සහා රෝගකාරක විෂබිජ රැගෙන පියාසර කරන ගෙමැස්සන් වැනි අපිරිසිදු සත්වයින් හේතුවෙන් ශාරීරික සෞඛ්‍යයට ඇතිවිය හැකි මහත් වු අවධානම් තත්වය පිළිබඳව අවබෝධ කර ගැනිම ඉතාමත් වැදගත් කාරුණක් බවයි. එම අවධානම් තත්වය අවබෝධ කර ගැනිමෙන් භායානක රෝගයන් සහා බැකිටීරියාවන් සම්පේක්ෂණය විම විම වලක්වා ගැනිමට හැකියාව තිඛෙන බව එතුමා වැඩි දුරටත් පවසා සිටිනවා.

මල මුත්‍රා, මලකුනු සහා කැළි කසල මතටද මිනිසුන් අනුභව කරන ආහාරයන් මතටද නිදාහසේ ගමන් කිරිමට හැකියාවක් තිබෙන නිසා රෝගාබාදයන් පැතිරවිමට ගෙමැස්සන් හට තිබෙන හැකියාව පිළීබඳව අඩුවෙන් තක්සේරු නොකල යුතු බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනවා තිබෙනවා.

අපවිත්‍ර දෑ මතට වැසීමේදී වගේම අනුභව කිරිමේදීද රෝගයන් ඇතිකරනු ලබන පියවි ඇසට නොපෙනෙන කුඩා ජිවින් ඔවුන් සමග පැමිනෙනවා. ගෙමැස්සන්ගේ භාහිර ශරීරයේ ඇලවි සිටින මෙම රෝගකාර ජිවින්ට හැකියාව ඇත්තේ පැය කිහිපයක් පමණ නොනැසි සිටිමටයි. නමුත් ආහාරයන් හේතුවෙන් මැස්සන්ගේ ශරීරයට ඇතුළුවෙන මෙම රෝග කාරකයන් දවස් කිහිපයක්ම වුනත් නොනැසි සිටිමට සමත් වෙනවා.

අක්ෂී ආසාදනයන්, සමෙහි වු අසාදනයන් සහා පාචනය වැනි නොයෙක් අසදන තත්වයන් ඇතිකිරිමට මෙම ගෙමැස්සන්ට හැකියාව තිඛෙන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසා සිටිනවා. ඒ වගේම පරපෝෂීත පනු බිත්තරද සම්පේකෂණය කිරිමට මෙම සත්වයින්ට හැකියාව තිඛෙන බව හොඳින් මතක තබා ගන්න.

ඔබ අනුභව කරන ආහාර මතට මෙම භායානක රෝගි තත්වයන් පතුරවාලන අපවිත්‍ර සත්වයන් පැමිණීම වැළැක්විමට අද සිට කටයුතු කරන්න. ඒ වගේම මැස්සන් වසන ලද ආහාර ඇති භෝජනාගාර වල ආහාර අනුභව කිරිමට ප්‍රථමව දෙවරක් සිතන්න. මෙම උපදෙස් ඔබ අනුගමනය කලයුතු වන්නේ වෙන කිසිවක් නිසා නොවේ ඔබගේම යහපතයි. අද සිට පිරිසිදු ආහාර වේලක් ලබා ගන්න පුරුදු වෙන්න.

සටහන
ධනුජය රත්නායක
danujaya

Contributor

Latest Articles

වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි
බොහෝ අය නොදැකපු ඩන්සිනන් ඇල්ල
මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8
හන්තානේ නගින්න කැමති ද?
ලැම්බෝගිනිය ගැන දන්නේ නැති අයට