Ananmanan.lk

මතකද ඉස්සල්ලම ලව් එක? ඒ කාලේ මතකද?

February 26, 2018
views : 1057
ඕනිම කෙල්ලෙක්ට කොල්ලෙක්ට ඉතිං 1st ලව් එකක් තියනවා නේ. පස්සේ බූට් කෑවට. කොහොම හරි ගේමක් දීලා පටන් ගන්න ලව් එක ලේසි නැහැ ඉතිං. කොල්ලෝ නම් ඉතින් මාස ගණන් අවුරුදු ගණන් කෙල්ල පස්සේ ගිහින් කැමැත්ත අහද්දී කෙල්ලෝ බලන් ඉන්නේ කවදද කැමැත්ත දෙන්නේ නැත්තම් තව ටිකක් පස්සෙන් ආපු දෙන් කියලා බොරු ෂෝ පාරක් දාන එක නේ. එහෙම ෂෝ දාන්න ගිහින් කොල්ලට එපා වෙලා වෙන කෙල්ලෙක් දාගත්තු අවස්ථාත් නැතුවම නෙවෙයි ඉතින්. හරි අපි දැන් කතාවට බහිමු. මං දැන් කියන්න හදන්නේ ලව් කරන කාලේ ආදරේ වෙනුවෙන් කරගත්තු දේවල් ටිකක් ගැන. බලන්න කෝ ඔයත් මෙහෙමද කියලා.


එයාව දැක්කත් ඇති දවසටම
ගොඩක් වෙලාවට ආදරේ කරදී මේක ගෑණු පිරිමි කියලා බේදයක් නැහැ. දෙගොල්ලොටම පොදු දෙයක්. ගොඩක් වෙලාවට ඇත්තටම දකිනවට වඩා ශෝෂල් මීඩියා වලින් එයාගේ ෆොටෝ එකක් දකින එක නේ බොහෝ වෙලාවට වෙන්නේ. එත කොට ඉතින් ලයික් බටන් එක උඩ හිටගෙන ලයික් කරන්නේ. කමෙන්ට් කරන අයත් නැතුවම නෙවෙයි.

කපල් සිම් හෙව්ව කාලයක් තිබ්බා මතකද?
කට්ටියට ඉතිං කාඩ් දාලම එපා වෙලා රෑට ලව් කරන්න බැරි නිසා කපල් සිම් හොයනවා. ගාන කීයක් උනත් කමක් නැහැ සිම් දෙකක් හොයා ගන්න තමයි දෙන්නම ට්‍රියි කරන්නේ. මොකද ඉතින් දෙන්නට ඇති වෙනකන් free මල් කඩන්න පුළුවන් නේ.

ඔයා එයාට ආදරේට කිව්ව නම මතකද?
මළ පැන්නම නම් ඉතින් නම කියලම කතා කරනවා. නැත්තම් කතා කරන්නේ පැටියෝ, මැණික වගේ නම් නේ. තව සත්තුන්ගේ නමුත් කියනවා මට ඇහිලා තියනවා ඒ ආදරේට කියලා තමයි මට නම් හිතෙන්නේ.

පංති කට් කරලා ගියපුවා
දෙන්න එක්ක පන්ති කට් කරලා පාක් ගානේ, හෝල් ගානේ යන්න නේ ඉතින් කොහොම හරි ට්‍රයි කරන්නේ. සමහර වේලාවට සර් වත් දන්නේ නැති පංති දාගෙන ගෙදරට බොරු 100ක් විතර කියලා කොහොම හරි දෙන්නා එලියට පනින්න නේ බලන්නේ. මොනවා උනත් පංති කට් කරන එක නම් හොද වැඩක් නෙවෙයි පුතෝ.

වලි දාගත්තු ඒවා
ගොඩක් වේලාවට වලි දාගන්නේ facebook නිසා. කවුරු හරි comment, like කරොත් කෙල්ලට හරි කොල්ලට හරි ඒක හෙන ප්‍රශ්ණයක් ඉතිං. සැකයි පස්සේ වලි. ඌව remove කරනකන්ම වලි තමයි. ආදරේ කරද්දී එහෙම තමයි. පොඩි දේත් අල්ලගෙන වලි දාගන්න එක සාමාන්‍ය දෙයක්.

අදට ඇති කියලා හිතුණා. කියන්න දේවල් නම් ගොඩක් තියනවා ඒ කාලේ කරපු දේවල්. ඒත් හැමෝටම පොදුවේ වෙන්නේ මේ දේවල් නිසා මට කියන්න හිතුණා.

සටහන
ධනුජය රත්නායක
danujaya

Contributor

Latest Articles

වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි
බොහෝ අය නොදැකපු ඩන්සිනන් ඇල්ල
මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8
හන්තානේ නගින්න කැමති ද?
ලැම්බෝගිනිය ගැන දන්නේ නැති අයට