Ananmanan.lk

හන්තානේ නගින්න කැමති ද?

March 15, 2018
views : 1071
ආදර කන්ද නමින් හැදින්වෙන මේ කන්ද තියෙන්නේ අපි කවුරුත් ආදරේ කරන නුවර ප්‍රදේශයේ. හන්තාන කන්ද ගැන ලියවුනු සිංදු ද බොහෝ ජනප්‍රිය වුණා. ඒ අතර හන්තානට පායන සද, හන්තාන කදු මුහුණ සිසාරා යන ගීත කිහිපයක්. නිතරම මීදුමෙන් වැසි තිබෙන මේ කන්ද සරසවි සිසුන් නම් කර තිබෙන්නේ ආදර කන්ද නමින්. මොකද සරසවි සිසුන් මේ කන්ද තරන කරද්දී නොදැනුවත්ම පෙම්වතුන් බවට පත් වෙන එක සාමාන්‍ය දෙයක්ලු සහ ඔවුන්ගේ පළමු චාරිකාව ද හන්තාන තරණය කිරීමලු.

හන්තානේ කන්ද තරණය කරන සමහර පිරිස් කූඩාරම ගහගෙන රාත්‍රිය ගත කරන්න ද අමතක කරන්නේ නෑ. හන්තාන කඳුවැටිය මහනුවර නගරයේ සිට ගලහ නගරය දක්‌වා පැතිර තිබෙනවා. මෙම කඳුවැටිය ගඟවට, පාතහේවාහැට, උඩපළාත සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට අයත්. මහවැලි ගඟේ ඉතාමත් වැදගත් ජලපෝෂක ප්‍රදේශයක්‌ ලෙස හන්තාන කඳුවැටියේ බටහිර බෑවුම් ක්‍රියාකරනවා. මුහුදු මට්‌ටමේ සිට මීටර් 1240 ක්‌ (අඩි 3720) පමණ උපරිම උසකින් පිහිටි මෙම කඳුවැටිය එකිනෙකින් වෙන් වී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගා නිම්නවලින්. කඳු 7 කින් සමන්විත හන්තාන කඳු වැටියේ උසම මුදුන ඌරා කන්දයි. කන්ද උඩට නැග ඊට පසු එහි එකිනෙක මුදුන්වලට ළඟාවීම දුෂ්කර නමුත් එය ඉතා සුන්දර ඇත්දැකීමක්. කඳු මුදුනට මහනුවර නගරයේ අපූරු දසුනක් ද දැකගත හැකියි. මහවැලි නදිය මහනුවර පැදකුණු කරමින් ගලායන ආකරයත් රමණීය අයුරින් පේනවා. මධ්‍ය කඳුකරයේ නකල්ස් ඇතුළු කඳුත් අරණායක ප්‍රදේශයේ දොළොස්බාගේ කඳු ඇතුළු සබරගමු කඳුකරයත් මෙහි සිට අපූරුවට දැක බලාගත හැකි.

ගොඩක් අයට ප්‍රශ්නයක් හන්තානෙට යන්නේ කොහොමද කියල. හන්තාන අවදානමකින් තොරව පහසුවෙන් ගවේෂණය කළ හැකි කඳු වැටියක්. පේරාදෙණිය ගලහ පාර ඔස්සේ ගොස් විශ්ව විද්‍යාලය අසලින් මෙන් ම මහනුවර රෝහල අසලින් ඇති උඩවෙල – 4 කණුව දක්වා දිවෙන මාර්ගයෙන් ද හන්තාන අඩවියට යන්න පුළුවන්. උඩවෙල මාර්ගයේ යන්නේ නම් උඩවෙල හෝ 4 කණුව බස් රථයෙන් ගොස් හන්තාන වතුයාය අසලින් බැස කන්ද තරණය කළ හැකිය. ඈතින් කඳු මුදුනේ දිස්වන දුරකථන සංඥා කුලුණ අසලට ගොස් තවත් ඉදිරියට ගමන් කිරීමෙන් කඳු මුදුන්වලට යා හැකිය. පේරාදෙනිය සරසවිය ළඟින් පටන් ගන්නවා නම් හන්තාන උඩ පේරාදෙනිය පාර දිගේ ගියහම Upper Hanthana Lodge එක හමු වෙනවා. එතනින් තියෙන අඩිපාර දිගේ කඳු මුදුන්වලට ළඟාවිය හැකියි. මේ මාර්ග දෙකට අමතරව මහකන්ද සරසවිගම ප්‍රදේශය හරහා වැටී ඇති පාර ඔස්‌සේත්, දෙල්තොට ප්‍රදේශය ඔස්‌සේත් හන්තාන තරණය කළ හැකිය. කන්දට යන මාර්ගය අවට පයිනස් වන වගා සහ තැන තැන තියනවා. ඒ නිසා හොයා ගන්න අමාරු නැහැ.

කොහොම ගියත් කොහෙන් ගියත් පරිසරය පිරිසිදුව තබාගන්න උත්සහ කරන්න. මොකද මේවා අපේ උරුමේ. යන යන තැන ජරා කරන අපේ මිනිස්සු අපේ දේවල් සුරකින්න කවදාවත් උත්සහ කරන්නේ නැහැ. මතක තබා ගන්න.

සටහන
ධනුජය රත්නායක
Danujaya

Contributor

Latest Articles

වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි
බොහෝ අය නොදැකපු ඩන්සිනන් ඇල්ල
මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8
ලැම්බෝගිනිය ගැන දන්නේ නැති අයට
මතකද ඉස්සල්ලම ලව් එක? ඒ කාලේ මතකද?