Ananmanan.lk

මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8

March 26, 2018
views : 2990
මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8 එක ගැන ටිකක් කතා කරන්න හිතුවා. BMW කියනෙ මෝටර් රථ ලෝකයෙ දියුනුම තාක්ශණයක් සහිත නව නිපැයුම් කරන සමාගමක් කියන එක කවුරුත් දන්න කරුණක්. එයාල වැඩි පුරම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ සුඛෝපබෝගී වාහන වගෙම අධිවේගී ස්පෝර්ට්ස් කාර් වලටනේ. ඉතිං මෙයාලා නිපදවලා තියනවා පරිසර හිතකාමීව, නමුත් වේගයත් රඳවාගෙන මෝටර් කාර් නිපදවන ප්‍රොජෙක්ට් එකක් - “Project i” කියලා. මේ යටතේ නිපදවපු කාර් එකක් තමයි BMW i8 කියන්නෙ.

මේ කාර් එක මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ Concept කාර් එකක් විදියටලු. ඒ 2009 දි ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් මොටර් ශෝ (Frankfurt Motor Show) එකේදි. එවකට ප්‍රොටොටයිප් (Prototype) එකක් විදියට එලි දැක්වුනු මෙම කාර් එක ටර්බො (Turbo) ඩීසල් එන්ජිමක් හා විද්යුත් මෝටර් (Electric motor) 2කින් සමන්විතයි. ඉන්පසුව 2011 සිට 2013 දක්වා වැඩිදියුනු උන මේ කාර් එක 2014 සිට production කාර් එකක් විදියට වෙලඳපොලට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිපදවලා තියෙන්නේ පෙට්ට්‍රෝල් ඉන්ජිමක් සහිතව. මොකද වේගය වැඩි කරගැනීමට සහ කාරයේ පාලනය සදහා එය වැදගත් කරුණක් කියා නිෂ්පාදකවරුන් පවසා තිබෙනවා.

මෙහි විශේෂත්වය තමයි Project-i යටතේ නිපදවපු මෙම රථයේ බොඩි එක සම්පුර්ණයෙන්ම වාගෙ කාබන් ෆයිබර් (Carbon fiber) වලින් නිපදවලා තිබීම. ඒ වගේම මෙහි චෙසිය, ඩ්‍රයිවින් මොඩියුලය (Chassis & driving module) වගේ දේවල් ඇලුමිනියම් වලින් නිපදවලා තියෙනවා. මේ විදියට මේ කාර් එකේ හෑම දෙයක්ම බර අඩුකරමින් උපරිම කාර්යක්ෂමතාවය (Energy efficiency) ලබාගැනීමට කටයුතු කර තිබේනවා.

මේ කාර් එකේ උපරිම වේගය (Highest speed) 250Km/h (in gasoline mode) එකේදී, එන්ජිම – 1.5Litre 3 Cylinder BMW “TwinPower” Turbo / 2 Electric motors. මෙම මොටර් රථයේ ක්‍රම 3 කට ධාවනය සකස් කිරීමට පුලුවන් ඒ COMFORT, SPORT, ECO PRO වශයෙන්. අනිත් විශේෂම දේ තමයි මෙහි විදුලිය පිරිමැසීම.සෑම විදුලි බල්බයකටම LED යොදාගෙන ඇති අතර ප්‍රධාන ලාම්පු ලෙස ප්‍රථම වතාවට ලෙසර් (Laser) ලයිට් එකක් මේ රථයේ භාවිත කර තිබෙනවා. මෙම ලේසර් බල්බයන් දැනට හයිබ්‍රිඩ් (Hybrid) කාර්වල භාවිතාවන LED වලටත් වඩා 30% පමණ කාර්යක්ෂම බවයි පැවසෙන්නේ. ඒ වගේම විදුලි සහ පෙට්‍රල් එන්ජිම එකතුව අශ්වබල (Horse power) 357hp වගේ නිපදවන ඉතාමත් වේගවත් කාර් එකක් තමයි මේ BMW i8 කියන්නේ. මේහි බටරිය නැවත සම්පුර්ණයෙන් ආරොපණය කරන්න 220V ප්ලග් පොයින්ට් එකකින් පැය එක හමාරක් වගේ කාලයක් යනවා. Comfort mode එකේදි 500Km සහ Eco Pro mode එකේදි 600Km යන දුර ප්‍රමාණයක් මේ මෝටර් රථයට ගමන් කරන්න පුලුවන්. ඇත්තටම මේ කාර් එක Toyota Prius වගෙ කාර්යක්ෂම වන අතර තව පැත්තකින් රේසින් කාර් එකක් වගේ වේගවත්.
Danujaya

Contributor

Latest Articles

වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි
බොහෝ අය නොදැකපු ඩන්සිනන් ඇල්ල
හන්තානේ නගින්න කැමති ද?
ලැම්බෝගිනිය ගැන දන්නේ නැති අයට
මතකද ඉස්සල්ලම ලව් එක? ඒ කාලේ මතකද?