Ananmanan.lk

බොහෝ අය නොදැකපු ඩන්සිනන් ඇල්ල

April 8, 2018
views : 969
නුවරඑළියේ පැත්තේ යද්දී හම්බෙන ලස්සන දියඇල්ලක් ගැන කියන්න යන්නේ. අපි වැඩි දෙනෙක් නුවරඑළියේ යන්නේ ගම්පොල - රම්බොඩ හරහා නුවරඑළියටනේ. ඒ ඉතිං ළඟ නිසා ඒ පැත්තෙන්. නැත්නම් සමහරු හැටන් - තලවාකැලේ හරහා නුවරඑළියට තමයි යන්නේ. අන්න එහෙම යන ගමන් බලන්න පුළුවන් ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි සුන්දර ඩන්සිනන් ඇල්ල. ගොඩක් දෙනෙක් නුවර එළියේ සංචාරය කලත් මේ දිය ඇල්ල මග හැරලා තමයි යන්නේ. රම්බොඩ පාරෙන් වගේම හැටන් තලවාකැලේ හරහා යනවානම් තලවාකැලෙන් පූඩලුඹය පාරේ පුඩලුඔයට ඇවිත් ඩන්සිනන් ඇල්ල හරහා නුවරඑළිය පාරෙන් ගියහම ඇල්ල බලාගෙනම නුවරඑළියට යන්න පුළුවන්. පූඩලුඔය නගරයේ ඉදලා කිලෝමීටර් 3ක් විතර දුරකින් තමයි මේ සුන්දර දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.

ඇත්තටම ඩන්සිනන් ඇල්ල නිර්මානය වන්නේ මිටර් 2423 ක් උසැති ග්‍රේට්වෙස්ටන් කදුවැටියේ උතුරු බෑවුමෙන් ආරම්භ වන ඩන්සිනන් ඔයෙන්. කොටස් දෙකකට ඇද හැලෙන ඇල්ල මැදින් දිවෙන ප්‍රධාන මාර්ගය හා දිය ඇල්ල අසලම ඇති කෝවිල ඇල්ලට එක්කරන්නේ අමුතුම සුන්දරත්වයක්. ඇල්ලේ නියම ලස්සන බලාගන්න ඇල්ල පහුකරලා ටිකක් ඇවිදගෙන එන්න ඕන. එහෙම ආවම අර තට්ටු දෙකට කඩා හැලෙන සුන්දර ඩන්සිනන් ඇල්ල පේනවා. කෙසේ නමුත් පරිසරයේ සුන්දරත්වය රැක ගැනීම ඔබ සතු වගකීමක්. ඒ ගැන මතක තබා ගන්න.





පින්තූර අන්තර්ජාලයෙන්.

සටහන
ධනුජය රත්නායක
Danujaya

Contributor

Latest Articles

වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි
මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8
හන්තානේ නගින්න කැමති ද?
ලැම්බෝගිනිය ගැන දන්නේ නැති අයට
මතකද ඉස්සල්ලම ලව් එක? ඒ කාලේ මතකද?