Ananmanan.lk

වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි

April 16, 2018
views : 2559
වෙබ් ඩිසයිනර්ලා බහුලව සිදු කරන වැරදි මොනවාද කියලා කියන්න හිතුණා. මේ දේවල් වලක්වා ගැනීමෙන් සාර්ථක වෙබ් අඩවියක් නිපදවා ගන්න පහසු වෙයි ඔයාලට. හැබැයි මේ ලිපිය ගොඩක්ම වැදගත් වෙන්නේ වෙබ් ඩිසයිනස්ලට තමයි ඉතිං. අනිත් අයත් කියවල බලන්න සමහර විට අදහසක් ගන්න බැරි වෙන එකක් නෑ.

1. සරල ඡේදයන් යොදාගන්න

බොහෝමයක් දෙනා හැම විස්තරයක්ම පලවෙනි පිටුවේම, එහෙමත් නැතිනම් home page එකේම කියන්න යනවා. ඒක අතිශයින්ම හානිකර වැඩක්. මොකද පරිශීලකයාට අවශ්‍ය තොරතුරු Scan කරගන්න බැරිනම් බොහෝවිට එම වෙබ් අඩවිය අත්හැරලා යන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙම විස්තර කියන්න අවශ්‍ය ස්ථාන වලදී Read more/See more වගේ ලින්ක් එකක් යොදාගෙන පිටුවක් සම්බන්ධ කරන්න. අනිත් දේ තමයි එකෙන් වෙබ් අඩවියට හොද පිලිවලකුත් ලැබෙනවා.

2) කලර් පැලට් එක ( colors )

ලංකාවේ වෙබ් ඩිසයිනර්ලා බොහෝමයක් අතින් බහුලවම වෙන වැරැද්ද තමා මේ. නිසියාකාර කලර් පැලට් එකක් යොදා නොගැනීම. ඇත්තෙන්ම කියනවානම් සමහර සයිට් වලට ගියාම බලන්න ආසාවේ බැහැ. එක එක පාට ඇස් කඩාගෙන යන විදියට. මොනවා හරි කියවාගන්න අවශ්‍ය නම් ඒ ටික කොපි කරගෙන වෙනම ටෙක්ස්ට් එඩිටර් එකකට පේස්ට් කරලා කියවගන්න ඕනේ. ඇහැ කඩාගෙන යන වර්ණ නෙමෙයි, හොද කලර් පැලට් එකක් යොදාගන්න. කෙලින්ම කිවුවොත් ඉතිං ගොඩක් අය පාට මැච් කරගන්න දන්නේ නැති සීන් එකක් තියෙන්නේ. කොච්චර වැඩ්ඩෙක් වුනත් වැඩක් නෑ සයිට් එකේ පාට මැචින් නැත්තම්.

3 ) Font යොදාගැනීමේදී

බොහොමක් දෙනා තමන්ගේ වෙබ් අඩවියට යොදාගන්නේ තමන්ට ලස්සනම කියලා හිතෙන ෆොන්ට් එක. එහෙමත් නැතිනම් ෆොන්ට් එකක් යොදාගන්නේම නැහැ. ඩිෆෝල්ට් ලැබෙන ෆොන්ට් යොදාගැනීම තමයි සිදුකරන්නේ. නමුත් Google Web fonts වගේ යොදාගැනීමෙන් අපිට බොහෝම හොද ෆොන්ට් එකතුකරගන්න පුළුවන් වෙනවා. අපේ වෙබ් අඩවියට ඉතාමත් ලේසියෙන් සහ අමුතු පෙනුමකුත් එකෙන් ලැබෙනවා.

මීට වඩා ගොඩක් කරුණු තියනවා අපට අවශ්‍යවන. නමුත් දැන් ඉන්න නවකයන් (වෙබ් ඩිසයිනස්ලා) මේ මුලිකම කරුණු තුන හරියට පිළිපදින්නේ නෑ කියල ගොඩක් වෙබ් සයිට් වලට ගිහාම මට දකින්න ලැබුණා. ඒ නිසා තමයි මෙහෙම ලිපියක් ලියන්න හිතුනේ. ඔබේ අදහස් සහ තවත් මුලික කරුණු තියනවා නම් පහත කමෙන්ටුවෙන් සටහනක් දාන්න.

සටහන
ධනුජය රත්නායක
Danujaya

Contributor

Latest Articles

බොහෝ අය නොදැකපු ඩන්සිනන් ඇල්ල
මේ දවස් වල කාගේත් කතා බහට ලක් වෙන BMW i8
හන්තානේ නගින්න කැමති ද?
ලැම්බෝගිනිය ගැන දන්නේ නැති අයට
මතකද ඉස්සල්ලම ලව් එක? ඒ කාලේ මතකද?