sinhala-lyrics.com >> Radeesh Vandebona > Hadu Wasse Themila Adare Dunna - Radeesh Vandebona
Malathi Nubai Nubatath Adare Thamai - Lakshman Hilmi Malathi Nubai Nubatath Adare Thamai - Lakshman Hilmi Adare Naa Adare - Sanath Nandasiri Unuhuma Madi Wage Nam Unu Kadulaka Dawatennam - Tehan Perera Hela Jathika Abimane Wadu Wiruwan Se Porane - C T Fernando Hathara Kendare - Shihan Mihiranga

Hadu Wasse Themila Adare Dunna - Radeesh Vandebona


හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා
නීල දෑසේ ගිලිලා ජීවිතේ හෙව්වා
නුහුරු නුපුරුදු හැඟුම් දහනක්
රෑ පුරා මැවිලා ආදරේ වෑහුනා

සුවඳ ළමැදේ රැඳුණු හැමදේ කවියකින් ලිව්වා
ඉරට සඳ සේ ඉමුද පහසේ ආදරෙන් කිව්වා
සුන්දරයි ඉතින් ජීවිතේ
ඒ තරම් ගලයි ආදරේ සොඳුරියේ

හාදු වැස්සේ......

මහද ගැඹුරේ ඇඳුනු සෙනෙහේ ඔබට මා පිදුවා
සයුරු පතුලේ ඇදෙන මුතු සේ ඔබ වටී කිව්වා
ඒ තරම් ඔබයි ජීවිතේ
සුන්දරයි ඉතින් ආදරේ සොඳුරියේ

හාදු වැස්සේ......

Artist/s : Radeesh Vandebona