sinhala-lyrics.com >> Indika Ruwan (Roony) > Duburu Lamissi (Santhapa Thawul Nam) - Indika Ruwan (Roony)
Dura Atha Rataka (Sihiwena Hama Mohothak Gane) - Roshan Fernando Dura Atha Rataka (Sihiwena Hama Mohothak Gane) - Roshan Fernando Mata Samawenna - Shanika Madumali Mata Samawenna - Shanika Madumali Situ Kumariye Obe Sinaha Sandaluthalawe - Milton Mallawaarachchi Sihina Lowak Dutuwa Mathakai - Clarance Wijewardana

Duburu Lamissi (Santhapa Thawul Nam) - Indika Ruwan (Roony)


සංතාප තැවුල්නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ ගිලිහුණා කඳුළකින්
ගිම්හාන කවුළුවෙන් ඉගිලූනා ඔබ මගෙන්

එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී //

තරු රෑක ගිමන්හල් තනිකමේ වරු ගණන්
උඳුරන්න බැරී තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඩන ඇස් පේවෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි තත්පරෙන්

එදා සොඳුරු හිතැත්තී.... //

කවිකාර මතකයන් නොදොඩාවි හෙට ඉඳන්
තනි පාළු අඳුරකින් නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම් ඉවසන්න හුරු කරන්
නොකියාම ඡීවිතෙන් බොඳවුණා නුඹෙ සුසුම්

එදා සොඳුරු හිතැත්තී.... ///

සංතාප තැවුල්නම්....

Artist/s : Indika Ruwan (Roony)