sinhala-lyrics.com >> M S Fernando > Obata Thibena Adare Mama Kiyala Denna - M S Fernando
Mage Jeewithe Pura Ekama Sithin Prarthana - Senanayaka Weraliyadda Hudakala Wiramayedi Hamuwemuda - Asanka Priyamantha Peries Mage Wela - Athula Adikari Mage Jeewithe Pura Ekama Sithin Prarthana - Senanayaka Weraliyadda Thoran Badinnata Raban Gasannata - Gypsies Kande Hapila Sanda Mulakala Netha - Chamara Weerasinghe

Obata Thibena Adare Mama Kiyala Denna - M S Fernando


ඔබට තිඛෙන ආදරෙ මම කියාලා දෙන්න
ගසක තිඛෙන තල් කොල මදි ලියාලා දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න

ඔබ තනිකර දුර ගමනක් යන්ඩ හිතුවෙ නෑ
ගිය ගමනත් මෙච්චර කල් ඉන්ඩ හිතුවෙ නෑ
මෙහෙ ලස්සන සුරපුරයෙකි මට ලස්සන නෑ
ඔබ එක්කලා තොටුපොලෙ ඔරු පදිනවා වගෙ නෑ

අහස උසට මාලිගා ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රඟන ලඳුන් නොදැක හිටියෙ නෑ
ගම්බද වගෙ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කලා තොටුපොලෙ ඔරු පදිනවා වගෙ නෑ

ඔබට තිඛෙන ආදරෙ මම කියාලා දෙන්න
ගසක තිඛෙන තල් කොල මදි ලියාලා දෙන්න

හඳ දවසට අහස දිහා මං බලන්නෙ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නෙ නෑ
ඒ මූනෙයි ඔඛෙ මූනෙයි වැඩි වෙනසක් නෑ
ඔබ එක්කලා තොටුපොලෙ ඔරු පදිනවා වගෙ නෑ

මගේ ගතින් මෙහෙ හිටියට හිත නම් මෙහෙ නෑ
මම එනකොට ආපසු එය ඔබ මට දුන්නෑ
සිරියාවිය දැක ගන්නට එන දින දුර නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනවා වගෙ නෑ

ඔබට තිඛෙන ආදරෙ....

Artist/s : M S Fernando