sinhala-lyrics.com >> Milinda Sandaruwan > Sudu (Mathu Dineka) - Milinda Sandaruwan - Milinda Sandaruwan
Oba Asa Siti Nam Mama Mese Kiyanam - Nelu Adikari Oba Asa Siti Nam Mama Mese Kiyanam - Nelu Adikari Suwandathi Kolawala Pem wadan Liyu Kale [SMS] - Daddy Chandikamata Randuwak Wela Punchi Putha Inne Hangila - T M Jayarathna Meena Nuwan Yuga Kandulu Sadagena - Senanayaka Weraliyadda Suwandathi Kolawala Pem wadan Liyu Kale [SMS] - Daddy

Sudu (Mathu Dineka) - Milinda Sandaruwan - Milinda Sandaruwan


දෛවයේ ලියවී තිබූ සෑම දේ ලැබුනත් පැතූ
මොහොතක් ඔබගෙ සෙනෙහේ
ලබන්නට පින් මදි වුනූ
අපට අප හිමි නැතිවුනු ලෝකයෙන් පිටවී යමු
නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු

මතු දි‍නෙක මම පොළොවෙ වැළලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ //

වාව ගන්න බෑ මේ වේදනා පපුවට මගේ
හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ
ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම්
අද ලඟින් නැති වුනත් ආදරෙයි තාම මං

මතු දි‍නෙක මම පොළොවෙ වැළලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ //

කාලයත් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ
හිතා ගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ
රණ්ඩු වී යාළු වී සිටි අතීතේ සිහිකරන්
හෙට ඉදන් ඉමු දුරින් මතක අපගේ කර නිදන්

මතු දි‍නෙක මම පොළොවෙ...
දෛවයේ ලියැවී තිබූ...

Artist/s : Milinda Sandaruwan