Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=10;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Thursday, November 14, 2019 at 6:34:41 AM
Script:/trin-trin/article/10/
ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ. - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.
කාලෝචිත තේමවක් නොවන මෙය කාගේත් අවදානය යොමු නොවූ පැතිකඩක් ලෙස දැක්විය හැක. එයින් සතුටු නොවන්නත් අපේ ආදුනික වැරදි සකසා ගැනීමටත් හැකි වනු ඇත නියතාප්තියෙන්ම. ඔබට මහත් සේ කම්පා කරවන මේ දසුන කුමක්ද? මෙය ඇත්තක්ද? මෙය කෙසේ කාට සිදු වූවක්ද යන්න ගැටළු මතුව ඇත. මා එය ලිහිල් කිරීමට මත්තෙන් යමක් මතක් කල යුතුය. ඔබට මතකද “කොටදෙණියාවේ සේයා දැරිවි“ එතකොට “යාපනේ වින්ද්‍යා දැරිවි“ මේ සියල්ල ගැහැණුන්. ඔවුන්ට අත් වූ ඉරණම පසක් කර ඔවුන් වෙනුවෙන් හඩක් නැගීමට රටක් පෙරට ආව. කලාකාරයන්, සාමාන්‍ය ජනතාව, දේෂපාලකයන්, මේ සියල්ලොම එළි බැස්ස. ඒ ඔවුනට අත් වූ ඉරණම වෙනුවෙන්. නමුත් ඔබ දන්නවාද ඔවුන් යමෙකුගෙන් දූෂණය වුනා. එසේනම් මේ පුන්චි පිරිමි දරුවත් මරණයට පත් වී ඇත්තේ දූෂණය වී. විෂ්වාස කරනවාද ඔබ එය? මේ පිරිමි දරුව කුගදාසන් නැමැති සාම්පූර්හි පදිංචිව සිටි 6 හැවිරිදි වියේ පසුවන දරුවෙක්.ජනවාරි 25 වනදා අතුරුදහන් වූ මේ පුංචි දරුව ජනවාරි 26 වෙනිද ගලක් ඇග මත ගැට ගසා මලසිරුර ලිදක තිබියදී හමු වී තිබෙන්නෙ. මේ දරුවාව දූෂණය කර මරා ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ. එසේනම් පිරිමි දරුවන් දුෂණය කරන සමාජ තත්වෙකට මේ රට පත් වී තිබෙනවා නොවෙද? නමුත් ඔහු වෙනුවෙන් කෙනෙකු නැගී සිටියාද? ඔහුට සාධාරනේ ඉටු කරන මෙන් ඉල්ලා උද්ගොෂණ පැවැත්වූවාද? නෑ... එහෙම කලේ නැත්තෙ මේ දරුව පිරිමියෙක් නිසා නොවෙද? එසේ නොවනවායැයි කීවොත් එය මහා විහිළුවක් වනවා ඇත නියතවම. අපේ මිනිසුන්ට තිබෙන්නේ ලිංග ගැටළුවක් පමණි. නමුත් මේ කවුරුත් මනුෂ්‍යයෝ යන්න නොහිතනවා ඇත. ඇට ලේ මස් නහර මේ සියල්ලන්ගෙන්ම අංග සම්පූරුණ වී ඇති අප සියල්ලෝම මනුසත් බවය ලැබූවොය. එසේනම් සියල්ලෝටම එක හා සමාන විය යුතුය. සේය වෙනුවෙන් කෑ මොර තියපු අපේ ජනමාධ්‍ය, කො ඔබේ හඩ? ඔබේ හඩ බොල් වූ වී ඇටයක් හා සමානය. මේ පුංචි දරුව වෙනුවෙනු උණුනොවුන සිත් කෙසේද ගැහැණියක් වෙත පමනක් එල්ල වන්නේ. අසාධාරණ සිදුවන්නේ ගැහැණියක්ටම පමණක් නොව. එය ජාති බේද, ආගම් බේදයකින් තොරව ඇති වන්නක්ය.

ඔබට මතකද සේය නිසා අසරන වුන පාසල් යන පිරිමි ළමය. එතකොට ඔහු සමග සිරබාරයේ සිටි පවුලක් නඩත්තු කරන පියා.ඔවුනට සිදු වූ අසාධාරණය හෙලා දැකීමට රටේ එක් පුද්ගලයෙක්වත් නැගී සිටියා කියා මා විෂ්වාස කරන්නේ නැත. ලිංගයක් නිසා ඇතිවන වෙනස් කමකට මෙපමන අධූර කාර්යක්. මා සිතන්නේ නෑ එය එතරම් රටට සුබදායක වේ යැයි කියා. ගැහැණියකගේ අයිතිවාසිකම් ඇත්තා සේම පිරිමියෙකුටත් එසේම නැතත් ඔවුනටත් එයින් අඩක් හෝ හිමි විය යුතුය. ලංකාවෙ මාධ්‍ය ගැන අපමණ දුකක් හිතේ දළුලනවාත් සමග රටේ මිනිසුන් ගැන කල්කිරියාවක් නැත්තාම නොවේ. සේය වෙනුවෙන් පාරට බැහැපු අපි සේය නිසා අසරන වුන පිරිමි ළමයගෙ අනාගතේ වෙනුවෙන් පාරට බැස්සද? නෑ.. යාථාර්තවත් ජීවිතයක් ඇත්තෝ ලෙස ඇත්ත ඇති සැටියෙනුත් අසාධාරනය මූලයක් ලෙසත් පෙනිය යුතුයය. එවිට මේ පුංචි රට සුන්දර වනවා ඇත. රටේ නීතිය අවනීතියක් බවට පත් කරපු ආණ්ඩුවක් සමග කල් ගෙවන අපි ඉබේම අසාධාරනේට මුලපුරනවාද කියා විටෙක සිතෙන කරුනකි. හිතක් කකියන්නේ දුකක් දන්න මිනිසුන්ගේ පමණයි. දුකින් මිරිකෙද්දී ඔවුන්ට ඔවුන් වෙනුවෙන් වත් යමක් කරගත හැකි නොවේ. එසේනම් මනුෂ්‍යකුගේ දුක දන්නේ තවත් මනුෂ්‍යයෙක් පමණි. එසේනම් අපි වටහා ගත යුත්තේ හා අප අවබෝධ කරගත යුත්තේ කොහෙවත් යන ලිංගෙකට මූලිකත්වය නොදී සාධාරනේට මුලිකත්වය දිමයි. එසේනම් කාන්තාවකට පමණක් වද හිංසා පැමිනෙනු නැත. එය එසේම මේ සමාජ තත්වයේ හැටියට පිරිමියාටත් බලපානවා ඇත. විටෙක ඔබට ගැටළුවක් මතු වෙයි “ඔයා කොහොමද මෙහෙම කියන්නෙ මේ දරුවට මේ දේ කලෙත් පිරිමියෙක්නෙ කියා.“ නමුත් කෙනෙකුගෙන් මෙසේ සිදු වීමට යම් හො ගැටළුවක් බලපානවා ඇත. සමහර විට මානසික ලෙඩක් හෝ මානසික නිරවුල් තාවයක්ද විය හැකිය. එම නිසා එක් පුද්ගලයෙක් මනින මිම්මෙන් තවකෙකු මනින්න යන්න එපා. එයින් සිදු වන්නේ තමන් තමන්වම පරික්ෂා කරගන්නවා වැනි කටයුත්තකි. එසේනම් සැමට සාධාරණය උවමනායි. සාමාන්‍ය හදවත් වලිනුත් රටේ නීතිය අවනීතියක් බවට හරවන්න උත්සහ දරන ආණඩුවෙනුත් වගේම රටේ මාධ්‍යයෙනුත් මේ සියල්ලන්ගෙන්ම සිදු විය යුත්තක් ලෙස එය දැකිය හැකි කරුණකි.
දිනී ජයසේකර
13255

​යෞවනයට තටු ඇවිදින්.. Smart phone ඔහු සමගින්....

​යෞවනයට තටු ඇවිදින්.. Smart phone ඔහු සමගින්....
හුදෙක් සමාජ ස්තරයන් හමුවේ ලාංකික යෞවනයේ වෙනසක් අද වන විට ඇතිවී ඇත. එහි දුප්පත් පොහොසත් වෙනසක් නොමැත. එහි ඇත්තේ තාක්ෂණයට වහල් වූ ඒ පසු පස හබා යන පිරිසකි. තාරුණ්‍ය පමණක් නොව මෙයට වැඩිහිටියන් පවා ඇබ්බැහි වී ඇත.

අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...

අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...
ඉනිදියන් සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන ලංකාව පුංචි රටක් බව අපි කවුරුත් දන්නා කරුණකි.මේ පුංචි රට මහා දැවැන්ත තැනකට ගේන් උත්සහ දරන පිරිස් බොහොය. අතීතයේ සිට මෙම ප්‍රයත්නය දරන පිරිස් බොහෝ වෙති.

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....
උප්පැන්නයේ නාමිකයට අමතරව අප දරන නාමිකයන් බොහෝය. නමුත් ඒ නාමිකයන් අතරින් එක් නාමිකයක් ලෙස ගණිකාව නම් වූ නාමිකය හදුන්වාලිය හැක. මෙවැනි නාම මාත්‍රා යොදන්නෙ අප සමාජය විසින්මය.