අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...

අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...
ඉනිදියන් සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන ලංකාව පුංචි රටක් බව අපි කවුරුත් දන්නා කරුණකි.මේ පුංචි රට මහා දැවැන්ත තැනකට ගේන් උත්සහ දරන පිරිස් බොහොය. අතීතයේ සිට මෙම ප්‍රයත්නය දරන පිරිස් බොහෝ වෙති. ඉතිං එදා සිට අද දක්වා ඔවුන්ගේ මුළු ශ්‍රමයම වැය කරන්නට ඇත්තේ මෙම රට වෙනුවෙන් බව අප දැන ගත යුතු කරුණකි. සුසන්තිකා නම් වූ කාන්තාව අපේ රටට රන් පදක්කම් වලින් කීරිතිය ගෙන දුන්නා මතකද? ඒ වගේම දමයන්ති දර්ශා සහ මෙවැනි පරිෂ්ශ්‍රමයන් දරපු තවත් ක්‍රීඩික ක්‍රීඩිකාවෝ නැත්තාම නොව. මේ දින වල අප කාගේත් අවදානය යොමු වී ඇත්තේ 12 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උලලෙන් රටට ගෟරවයක් ගෙන ආ අපේ මේ සොයුරු සොයුරියන් වෙතය. පිහිනුම් ශූරියකු වූ මැතිවු අබේසිංහ සොයුරා ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව සහ ඔබගේ අනාගත අභිවෘදියට ආශිර්වාද ගෙන දෙනව. ඒ වාගේම දකුණූ ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා වන රුමේෂිකා රත්නායක සොයුරියටත් වේගවත්ම ක්‍රීඩකයා ලෙස රන් පදක්කමක් ලබා ගත් සුරංජන් ද සිල්වා සොයුරාටත් හිමාෂ එෂාන් සොයුරාටත් ඔවුන්ගේ ඉදිරි ගමනට ආශිර්වාද ගෙන එමින් ඔවුනටත් ස්තූති වන්ත වනවා ඇත. අපේ රටේ අභිමානය ලොව පුරා විහිදවන්න ඒ දරපු උත්සහයට. සියළු දෙනාගේම ආශිර්වාද මැද ඔවුන්ගේ රාජකාරිය ඉෂ්ඨ කරදිදී අපේ රාජකාරිය ඔවුනව තව තවත් දිරිමත් කිරීමය. එහිදී අපේ ලාංකිකත්වය අදවතේ සිංහනාද කරනු ඇත. ලගකදී පටන් පැමිණි රැල්ලක් ඔබ දන්නවා ඇත. බොහො අය එය පැවසුවේ රැල්ලක් නොව කැරැල්ලක් ලෙසය. නම්ත් මට එය පෙනුනේ රැල්ලක් ලෙසය. එනම් “සිංහ ලේ“ යන්ය. අද අපි මේ අගය කරන සොයුරු සොයුරියන් මෙම තරගයන්ට සහබාගී වන්න පුථමයෙන් මම මොන ලේද යන්න සිතුවානම් අද අපිට මෙවැනි ජයග්‍රහන හිමි නොවන්නට තිබුනාය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන මේ හතර කට්ටුවම ලංකාවෙ ජීවත් වෙනව. නමුත් ආගමකින් භාෂාවකින් වෙනස් වූ පලියකට ඔවුන්ගේ ලේ වර්ග වෙනස වනවාද? එසේ මැනීම මහා අනුවන ක්‍රියාවක් ලෙසයි මන් දකින්නේ. අපි සිංහලනම් සිංහ ලේ ලෙසත් මුස්ලිම් මිනිස්සු මුස්ලිම් ලේ ලෙසත් දෙමළ මිනිස්සු දෙමළ ලේ ලෙසත් නම් කර ඔවුන්ට එසේ ලේ වර්ගයක් නියම කෙරුවානම් අද මෙවැනි දාර්ශනිකයන සහ මෙවැනි දක්ෂයෝ සොයන්නට අපහසුය. අද සමාජෙ කෙසේ වෙතත් අතීතයේ පටන් මේ කුල මල බේදය පැවතුනාත් ඔවුනව මෙතරම් අපහසු තාවයකට පත් නොකරන්නට ඇත. මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් සහ ආර්.කරුණානන්දන මේ තරග ක්‍රීඩකයන්ගේ නම් ඔබ අසා තිබේද? මොවුන් ලංකාව නියෝජනව කරමින් තරග වැදුන ක්‍රීඩකයෝය. මොවුන් හා සුසන්තිකා ජයවර්ධන දමයන්ති දර්ශා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකල ලේ වර්ගය සොය සොය කල් රැක්කානම් අද වන විට ඔවුන්ගේ නම් අප අතර රැදෙනු ඇතිද? සහ ඔවුන් නිසා ලංකාවට ගෟරව ලැබෙනු ඇතිද? නැහැ එසේ නොවුනානම් අද වන විට ලංකාව කියන්නෙත් අපිටම පමණක් උරුම වූ කවුරුත් නොදන්නා අභිරහස් දූපතක් බවට පත්වනවා නියතය. රටක දියුණුව පවතින්නේ රටේ ජීවත් වන පුරවැසියා මතය. ගල් යුගයක පැවති මේ ලොව දූපත් වලින් වෙන් වී ඒවාටම අදාලව භාෂාවන් හා ප්‍රතිපත්ති ප්‍රමාණයක ගොඩ නගා වෙනස්ම වූත් පරි කල්පනය වූත් ශිෂ්ටාචාරයක් ගොඩ නගා ඇත. එය එසේ බෙදී කැබලි වී නොතිබුනානම් අපි සියල්ලෝම එකම පවුලක්ය. එහිදී නානප්ප්‍රකාර ලේ වර්ගයන්හි අනුවර්ථ නොදෙනු ඇත. ඒසේනම් එවැනි අනුවර්ථ අපි විසින්ම යොදා සාදාගත්තකි. මා මේ කියන දේ යමෙකුට වැරදි ලෙස පෙනෙනු ඇත. නමුත් එසේ ලේ වර්ග වලට වෙන් කර “උබ සිංහල, උබ මුස්ලිම්, උබ බර්ගර්, ලංකාව කියන්නෙ සිංහල උන්ගෙ ඉතිං උබ බර්ගර් ඒ නිසා ලංකාව නියෝජනය කරන්න එපා.“ යන ලෙස යමෙක් කිවානම් අද මැතිවුල, රුමේෂිකාල, සුරන්ජන්ල නොහිටින්නට ඇත. අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව අපේ ටීම් එක ගත්තොත් ඒකෙ සිංහ ලේ විතරද ඉන්නෙ? නෑ... එහෙම ගත්තොත් ඒක කවලම් ලේ වර්ගයක්. මුරලිදරන් උදාහරණයකට ගත්තොත් ඔහු දැන් ටිම් එකේ නොහිටියත් ඔහු දමිළ කෙනෙක්. නමුත් ඔහු නිසා ටිම් එක දිනද්දි අපි කෑ මුර තිබ්බෙ නැද්ද? ඔහු දෙමළ නිසා අපි ඔහු වෙනුවෙන් කතා කලේ නැද්ද? නෑ.. අපි එනම් ලාංකිකයො අවස්ථාවදී කොටසක් ලෙසයි මන් දකින්නෙ. විටෙක මාත් ඒ අවස්ථාවාදී පිරිසට එකතු වනවා ඇත. එසේනම් රටේ සර්වබුද්ධිකයෙක් නොවී බුද්ධිමතෙක් ලෙස ක්‍රියා කල යුතුය. ඒ වාගේම මෙම තරුණ පිරිසෙන් අපට ලොකු පාඩමක් අපේ මනසට ගත්ත හැකියි. එය ලේ වර්ගයට වඩා කකියන්නෙ එකමතු බව හා ලාංකිකත්යයි. එසේනම් ලේ වර්ගය මත අපේ කිසිත් තීරණය කල නොහැක. මෙවැනි ජයග්‍රහන යලි යලිත් අප රටට ගෙන ඒමට ඔවුනට ශක්තියක් වී ආශිර්වාද එකතු කරමයි. ඔබට සුබ පැතුම්!!!!!
දිනී ජයසේකර
8605

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...
සමාජ පංති පරතරය සහ දරිද්‍රතාව යනු මේ සමාජයේ දක්නට ලැබෙන අඩුපාඩුවකි. ඒ අඩුපාඩුව විටෙක කලු තිතක් සේ ඉස්මතු වන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන්නා වූ මෙවැනි පුංචි සිගිති දරුවන් නිසාය. නමුත් කිසිවෙකුට අවශ්‍යවී නොමැත මේ කලු පැල්ලම ඉවත් කිරීමට. එය එසේම පැවැත්වීමට ඔවුනට අවශ්‍යයෙන්ම උවමනා වී ඇත.

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.
කාලෝචිත තේමවක් නොවන මෙය කාගේත් අවදානය යොමු නොවූ පැතිකඩක් ලෙස දැක්විය හැක. එයින් සතුටු නොවන්නත් අපේ ආදුනික වැරදි සකසා ගැනීමටත් හැකි වනු ඇත නියතාප්තියෙන්ම. ඔබට මහත් සේ කම්පා කරවන මේ දසුන කුමක්ද? මෙය ඇත්තක්ද?

මම දූෂණය උනා නෙවේ.. උන් මාව දූෂණය කලා..

මම දූෂණය උනා නෙවේ.. උන් මාව දූෂණය කලා..
ඇටමස් ලේ නහර ඔස්සේ දිවෙන්නා වූ ඔබේත් මගේත් මනුෂ්‍යත්වය සෑම අයෙකුගේම පාපොච්චාරනයට ලක් කරන්න එදාට ඉතිරි වන්නේ යම් විටක ඔබත් මමත් පමණක් වේ. එදාට ඔබට මතක් වේවි මම බිහි වූවේ මවකගේ කුසින්නම් ඔවුන් බිහි වූයේ මවකගේ කුසින් නොවේද කියා.