මැනලද පුතේ කිරි දුන්නේ මං නුබට..

මැනලද පුතේ කිරි දුන්නේ මං නුබට..
ලොව ඇති විශිෂ්ඨම පදවිය වන්නා වූ මාතෘත්වය ගැහැණියකගේ උරුමත්වයයි. එහිදී ගැහැණියක් මවක් වන්නෙ යම් ජිවියෙක් ලොවට දයාද කිරීමෙන් පසුවය. ඒ අතින් දරා ගැනීමේ ශක්තියක් වැඩියෙන්ම ඇත්තෙද මවකට පමණයි. එහිදී අපිද ගැහැණියකගේ ආත්මයෙන් ලොවට ඉපදුන පුද්ගලයන්ය.එහි පැවැත්ම හරියට හිදෙන් නැති මුහුද වගේ. එහෙව් එකේ “ගෙදර බුදුන් අම්මා“ යන්නෙන් පැරැන්නන් කීවෙ කට කහනවාට නොව. පිරිමියෙක් නොලබන්නා වූ වේදනාවක් මවක් ලබන බව ඔබ දන්නවා ඇත. ඒ වේදනාව ඇයට උරුම වන්නෙ යම් ජීවියෙක් ඇගේ කුස පිලිසිද ගත්තායින් පසුවය. එදා සිට එම ජීවියා ලොවට බිහි කර මිනිසෙක් බවට පත් කරන තාක් සහ ඇගේ හුස්ම පොද නැතිවෙන තාක් ඇය කදුළු සලයි, වේදනා විදියි, ලතවෙයි. මේ සියල්ල ඔබ වෙනුවෙන් බව ඔබ දන්නවාද? ඔව් ඒ සියල්ල ඔබ වෙනුවෙන්. නමුත් ඒ සියල්ලම ඔබ වෙනුවෙන් කරන, කරපු ඇයට සලකන දරුවන් මේ ලොව සිටිනවද? ස්ටියත් ඒ සියල්ලෝම තමන්ගේ මව් වරුන්ට සලකනවාද? සිතන්න ලේ කිරි කරල අපිට පොවන්න තරම් ඇය කාරුණිකයි සහ ඇය නිහතමානියි. එහෙව් ඇය කුණූ ගොඩක කුණු කෑමට සැලැස්විය යුතුද? මා දකිනා විදියටනම් එය එසේ සුදු කිරීම මහා පවක්ය. බුදු හාමුදුරුවො දේශනා කරපු විදියට මව මැරීම “අානන්තරීය පාප කර්මයන්ගෙන් එකකි“. එය පාප කර්මයක් සේ දකින්නොනම් අඩු වී ඇති බව අද සමාජ විප්ලවය ඇසට හසු වුනාම පෙනෙනා දෙයකි.
අම්මා යනු අකුරු තුනේ වචනයක් නොව. ඒ අකුරු වලට කතාතරන්න පුළුවන් උනානම් කියයි අම්ම කියන්නෙ කවුද කියල. ඒ අකුරු හුස්ම ගන්නව විතරයි. ඒ අකුරු වලට කතාකරගන්න බෑ. ඒ හුස්ම අපේ පපුවට තුරුල් කරන්න ඕනෙ කාලෙ එයාලව අපෙන් ඈත් කරන එක සදාචාරසම්පන්න නෑ. ඒක මහ පවක්. අම්ම කෙනෙක්ගෙ ණය අපි මැරෙනකම්වත් ගෙවන්න බෑ. හැබැයි ඒ ණය හිලව්වට තියන්න පුළුවන් එයාල අපිව බලාගත්ත වගේම එයාලවත් බලාගත්තම. අම්ම කෙනෙක් කියන්නෙ “ මූණ බලන කණ්නාඩියක්“ අපි හැරෙදදි කියයි මොනද කරන්නෙ කියන්නෙ කියල. ඒ තරම් ලෙන්ගතුයි ඒ බැදීම. ඒ බැදීම ඇතිවෙන්නෙ ආත්මයෙන් ආත්මෙට. ඒ කියන්නෙ ආත්ම ගත බැදිමක් මේ බැදීම. දම්වැලක පුරුක් මෙන් එකට එක බදාන තෙරපෙන්නෙ ආත්ම බැදිම නිසාය. එහෙව් එකේ ඒ ආත්මය අනාත මඩමක කොටුකරන එකද අපේ වගකිම. නැතිනම් පාරවල් අයිනෙ කුණු ගොඩවල් වලට ඇද දැමීමද? මන් දකින විදියට අම්මට සලකන දරුවට කිසිසේත්ම වරදින් නෑහැයිලු. ඒත් අද මේ පවතින සමාජෙ වැඩි පිරිසක් ඉන්නෙ දෙමව්පියන්ට සලකන ඈයො නෙවෙයි. ඒ කරුන ඔබත් මාත් හරියාකාරව දන්නා කරුණකි. ටීවි එකක් ලගට ගියොත් ඒකෙ තියෙන්නෙ “අසරණ වූ මවට පොලිසියෙන් පිළිසරණ.“ මේහෙම වෙන්නද අපිව මේ ලෝකෙට බිහි කලේ.. අපේ සැලකිලි ලැබිය යුතු තැනට පොලිසියෙන් සැලකිලි ලැබීම අපේ මමත්වයට අනුව නිසි ක්‍රියාවක්ද? නෑ සහොදරය.. මොහොතක් සිතන්න ඔබේ මව අද ඉන්නෙ කොහෙද කියල. පුතෙක් විදියට ගෑණියෙක් ගත්ත පලියට මව ගෑණීට දෙවෙනි කල හැකිද? ඒ වගේම දුවෙක් විදියට තමන්ගෙ මනුස්සය එක්ක ගිය පලියට අම්මව අමතක කල හැකිද? එය එසේ සිදු කල හැකිනම් ඔබ ඇයගේ කුසින් බිහි වූවෙකු වන්නට බැහැ නිසැකවම. එය එසේ සිදුවිය නොහැක. මව යනු අපේ ජීවයයි. ඒ ජීවියට ප්‍රාණය දිය යුතුයි.

මීට මාස 10කට පමණ ඉහතදී ඔබට මතකද තම පෙම්වතිය නිසා පුතෙක් තමන්ගෙ අම්මව මරණයට පත්කලා. ඒ වගේ පුත්තු තවත් ඉන්නට පුළුවන්. අහින්සක අංගුලිමාල වුන වෙලේ තමන්ගෙ අම්මව මරණ්න යද්දි බුදු හාමුදුරුවො ඒ දේ නැවැත්තුව. නමුත් අද බුදු කෙනෙක් නැති නිසා එවැනි කෘර ක්‍රියා නැවැත්වීම අප සතු ක්‍රියාක් ලෙසයි මා නම් දකින්නේ. එසේනම් එවැනි දේ තුලින් තමන්ගේ ආත්මයට නිගාතරගන්නවා වැනි නොවෙද? තවත් ගැහැණික් වෙනුවෙන් තමන්ගේම මව මැරූ පිරිමියා පිරිමියෙක්ද කියා සැකයක් ඉස්මතු වන්නෙ නැතිද? මටනම් එසේ සැකයක් ඉස්මතු වනවා ඇත. එහිදි ඔහුගේ ලිංග පරික්ෂාවක යෙදිය යුතුයි. මොකද ඒ සියල්ලේම බාරකාරත්වය මව සතු විමයි. ඇය ඒ අංගඋපාංග සියල්ලත් සමග මේ ලෝකෙට බිහි කලේ තමන්ගේම පුතුගේ අතින් මරණයට පත් විමටද? නැත. එය එසේ සිතනවානම් ඔහුද පිරිමියෙක් ගැහැණියෙක් විය නොහැක.

මවක් ගැන සහ මාතෘත්වය ගැන දවසකින් කතා කර ඉවර කර නොහැකිය.

ඉතිරිය පසුව බලාපොරොත්තු වන්න.
දිනී ජයසේකර
8686

ඔහුගේ නී රස ආදරය ඇයට මහ වදයක් වීය....

ඔහුගේ නී රස ආදරය ඇයට මහ වදයක් වීය....
ප්‍රේමයේ ආන්දෝලනය දෙදෙනෙකුගේ එක් වීමකට හේතුවක් වේ. කෙදිනක හෝ ඔබට කෙනෙකුගේ ආදරය වදයක් වී තිබේද? එසේනම් ඔබ මහා අවාසනාවන්තයෙකි.

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය
ශිෂ්ඨ සම්පන්න මින්සුන්ගේ අශිෂ්ඨත්වය දෘෂ්‍යමාන වන්නේ සාධාරණය හා අසාධාරණය මත තර්ක කිරීමේදිය. යම් හෙයින් කෙනෙකුගේ අතින් වැරදීමක් වන්නේද එය පිළි ගැනීම ඔහුට ඔබින ගමන් රටාවක් බවත් එය නොපිලි ගැනීමත් ඔහුටම ඔබින්නා වූ ගමන් රටාවක් වනවා ඇත.

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...
සමාජ පංති පරතරය සහ දරිද්‍රතාව යනු මේ සමාජයේ දක්නට ලැබෙන අඩුපාඩුවකි. ඒ අඩුපාඩුව විටෙක කලු තිතක් සේ ඉස්මතු වන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන්නා වූ මෙවැනි පුංචි සිගිති දරුවන් නිසාය. නමුත් කිසිවෙකුට අවශ්‍යවී නොමැත මේ කලු පැල්ලම ඉවත් කිරීමට. එය එසේම පැවැත්වීමට ඔවුනට අවශ්‍යයෙන්ම උවමනා වී ඇත.