මැනලද පුතේ කිරි දුන්නේ මන් නුබට... (II කොටස)

මැනලද පුතේ කිරි දුන්නේ මන් නුබට... (II කොටස)
මා පෙර ඉදිරිපත් කෙරූ ලිපියෙහි සදහන්ව ඇති ආකාරයට අම්මා යන තේමාව හේතුවකින් උපන් දෙයකි. එහි අපරික්ෂාකාරී බවක් නැත. අකුරු තුනකින් සැදි එම පිවිතුරු වචනය සදා නොමැකෙන්නකි. මවක් යනු ලොව සියල් දුක් උහුලන්නියකි. ලස්සන ලස්සන අත්දැකිම් සමුහයකින්පරිනත වූ මා සිත නලියන්නෙ මේ අකුරු තුන නිසාය. මෙම බැදීමට වඩා පවිත්‍ර බැදීමක් මේ ලොව ඇතැයි කියා මා විශ්වාස කරන්නේද නැත. නමුත් මා පෙර දැක්වූලිපියෙ එන කරුණු ගෙන බලද්දී මේ අකුරු තුන අකුරු බවටම පත් වී ඇති බව ඔබටත් මටත් නිසි ලෙස වැටහෙන කරුණක්ය. මවගේ සිනහව ගෙදර සිරියාවයි. දුවක් මවක් වන්නේද පිරිමියෙක් ලොව එළිය දකින්නෙද මවක් නිසාය. මාතෘත්වය නම් ඒ වටිනා බැදීම එසේ මෙසේ බැදීමක් ලෙස නම් කල නොහැකිය.පාපොච්චාරණයක් මැද ගෙවන ජිවිතයකට වඩා මවකගේ ආදරයක් මැද ගෙවන ජිවිතය කෙතරම් සොදුරුද? මා මෙම ලිපියෙන් සදහන් කරන්න තැත් දරනුයේ මවුවරුන්ට සිදු නොවිය යුතු කරුණු පිළිබදවය. එහිදි මා ඇසු පිරූ අ.්දැකීම් සියල්ලට ගොනු කරීම මාගේ උත්සහයයි.

පෙර කිව්වත් වගේ අම්මා යනු අකුරු තුනක් වචනයක් නොවේ. එය හුස්ම ගන්න, පණ ගැහෙන හදවතක් ඇති වස්තුවකි. එයට පණ දිය යුත්තේද දරුවෝ වන අපිය. නමුත් එහි පණ උදුරා ගැනීම නොකල යුතුය. පෙර පවු කර ඇත්තෝ තම මව මාරාගෙන ලොවට බිහිවන බව ඔබ දන්නවා ඇත. නමුත් එහි පාපය ඇත්තේ මවගේ නොව දරුවාගේය. ජීවත්ව සිටින මවකට සලකන් නැතී ඈයො මරණෙදි පමනක් සලකනවනම් එය ඉතා සුළබ දසුනකි. බසයකට ගොඩවෙනු පිණිස පාර තොටට පැමිණි මට වයසක ස්ත්‍රයක් නෙත ගැටින. අසරණ මුවත් ලයාන්විත සිනහවත් පෙරදැරි කරගත් ඇය නිතැතින්ම මව් පදවියක් ලැබූවෙක් බව මට පැහැදිලිය. නමුත් මම ඇගෙන් වයස විමසූ කල ඇය දුන් පිළිතුරින් මා කම්පා විය. එනම් ඇගේ වයස“ 88ක්“ වී යැයි පැවසූ නිසාය.ලොකු බර පං මල්ලක් අතින් ගත් ඇය බස් හෝල්ටයට පැමිණියේ ගෙදර යන අටියෙනි. එ නිසා මාත් ඇගේ මහන්සියට නවාතැනක් වන්නට තැත් කලෙමි. එය කෙසේවෙතත් එය නවාතැක් කීරීමට හැකි වූවද ඇගේ සියල් කතාවම මා සවනට නතු කරගත්තේය. එය ඇසූ විගස එය හැබැවක්ද යන්න මා සතු වූ පළමු ගැටළුවයි. මාගේ පළමු ගැටළුව වූයේ..

“ආච්චියේ කෝ ඔයාගෙ පුතා?“

ඇගේ පිළිතුර මගේ ගැටළුවට හමුවූ නියම පිළිතුර නොව. නමුත් මා එයින් වටහා ගත්තේ ඇගේ දරුවො ඇයව දමා ගොස් ඇති බවය.

“බැන්දට පස්සෙ දෙමාපියන්ට කොහෙන්ද පුතේ දරුවො... උන් උන්ගෙ දරුසුරතල් බලද්දි..“

“ එහෙනම් ආච්චි මේ කොහෙද යන්නෙ?“

“මන් කන්න මුකුත් එකතු කරගන්න කියල මේ ගියෙ..“

“ එතකොට දැන් මේ යන්නෙ ගෙදරද?“

“ ඕ දරුවො..“

“ඉතිං ආච්චි ඔයාට හස්බන්වත් නැද්ද?“

“නෑ.. පුතේ..“

ඇගෙන් ඉන් පසු මා කිසිත් විසිමට නොගියෙමි. හොදකරපු තුවාල පාරල ඒවයෙ ඕජස බලන්න උවමනවාක් නැති බව මා වටහා ගත්තේය. ඇගේ බර බෑගයත් අතට ගත් මා විගස බසය කරා ලංවෙත්ම ඇයවත් මාවත් පෙනි පෙනි බසය දාල යන දසුන මා නෙතෙහි කටු අනින්නාක් වැනිය. නමුත් ඒ මවගේ ගමන් වාරුව නිසා තමයි ඇයව බසයට ගොඩනොකරගත්තෙ. නමුත් ඔවුන් දන් නැතිව ඇති කවදා හෝ තමනුත් ඒ තත්වෙට වැටෙනවා යැයි කියා. මොන දහම ඇදහුවත් දෙමාපියන්ව අදහන දරුව නිතැතින්ම ගොඩ යනවා ඇත. මවකගේ සිනහව මගහැරිය හැක්කේ මව් සෙනෙහස නොදන්න එකෙක්ටම පමනි. එය එසේ සිදුවීම ප්‍රතිපත්ති වලට අදාල නොවේ. මේ කුණූ ශරීරයක් වෙනුවෙන් ලොව පිවිතුරුම බැදීම සින්න ගරන දරුවො තුරන් විය යුතුය. රූපවාහිණියෙ යන පුවත් අභිමුවේ හිත් කම්පාවන සිද්ධී දෙක තුනක් එක දිග පෙළ ගැසුනා ඔබට මතකද? එවැනි දේ නොවිය යුත් නොවෙද? මවක් නම් ගෙදර බුදුන්ය. එසේනම් මවක් පිදිම කල යුතු නොවෙද? තමන්ව වදපු මවට සැලකීම කියන්නෙ ලැජ්ජාවට කරුණක් නොවන බව අවබොධ කර ගත යුතුය.නමුත් ඔවුන්ට නොසලකනවානම් එය ලැජ්ජාවට කරුණක් බව හිගේ ගැබුරුම තැනක රදවා ගත යුතුය.
දිනී ජයසේකර
7065

අපි බෞද්ධද..? ඇත්තටම දියුණුද..? ගෝත්‍රිකයා කවුද..?

අපි බෞද්ධද..? ඇත්තටම දියුණුද..? ගෝත්‍රිකයා කවුද..?
"සේයාගේ මරණයට හේතුව සෙනසුරු මාරක අපලයයි.." ලංකාවේ පත්තරේක ටික දවසකට කලින් ගිය හෙඩිමකි... දැන් මේ ජෝතිෂ්‍යය උන්නැහේට අනුව කොණ්ඩයාගේ අයියා නිදහස් කර සෙනසුරු අල්ලා බන්ධනාගාරගත කළ යුතුය.. නැතනම් තහනම් කළ යුතුය.

​යෞවනයට තටු ඇවිදින්.. Smart phone ඔහු සමගින්....

​යෞවනයට තටු ඇවිදින්.. Smart phone ඔහු සමගින්....
හුදෙක් සමාජ ස්තරයන් හමුවේ ලාංකික යෞවනයේ වෙනසක් අද වන විට ඇතිවී ඇත. එහි දුප්පත් පොහොසත් වෙනසක් නොමැත. එහි ඇත්තේ තාක්ෂණයට වහල් වූ ඒ පසු පස හබා යන පිරිසකි. තාරුණ්‍ය පමණක් නොව මෙයට වැඩිහිටියන් පවා ඇබ්බැහි වී ඇත.

අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...

අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...
ඉනිදියන් සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන ලංකාව පුංචි රටක් බව අපි කවුරුත් දන්නා කරුණකි.මේ පුංචි රට මහා දැවැන්ත තැනකට ගේන් උත්සහ දරන පිරිස් බොහොය. අතීතයේ සිට මෙම ප්‍රයත්නය දරන පිරිස් බොහෝ වෙති.