තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා

තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා
මේ දිනවල ඔබත් මමත් සැම විටම දකින්නා වූ ඡායාරූප පෙලක් හමු වුවා මතක ඇතිය. දැනටත් එම ඡායාරූප යම් තාක් ආන්දෝලනාත්මක ලෙස පැතිරෙනවා ඇත. තම ප්‍රේම වන්තයාගෙ නිත්ම යෑම නිසා ඇය සිය දිවි හානි කරගත්තා යැයි සමාජ වෙබ් අඩෙවි ඔස්සේ ප්‍රචාරය වූවාය. නමුත් මෙය අසත්‍ය තොරතුරක්ලෙසත් දැන් දැන් හෙළි වනවා ඇත. එය කෙසේ වෙතත් මේ කාරණාව හේතුවෙන් කිහිප දෙනෙකුගේම චරිත වලට මඩ පහරවල් කිහිපයක් එල්ල වුවාය. විශේෂයෙන්ම එම තොරතුර සමාජ ජාලාවලට මුදා හැරි මෙම ගැහැණූ දැරිවිය හා ඇය හා අලලා යොදවපු පිරිමි ළමයාගේ නමු මෙම දෙදෙනාගේම චරිත අමු අමුවේ මඩ පහරවල් එල්ල වුවාය. තමන්ගේ ජනප්‍රියත්වය නිසා ඇගේ හෝ ඔහුගේ චරිතය බිල්ලට දෙනවා යනුත් සිය දිවි හානි කරගන්නාක් මෙනි. තමන්ගේ ජීවිතය ඔස්සේ තවකෙකුට බලපෑමක් කල හැකිද එයින් කිහිප දෙනෙක් අපහසු තාවයට පත්වනවා ඇත නියත වශයෙන්ම. එහිදී තම ආත්ම ගරුත්වයත් තමා නිසා විනාශ වන අනෙකා ගැනත් සිතිය යුතුය. ඇගේ මේ මරණයට පත් වූවා යන පුවත සමාජ වෙබ් අඩෙවීන්හි සැරි සරන කෙනෙකුගේ නෙතට කදුළක් උනන්නට ඇත සත්තකින්ම. ඒ ආකාරයට මගේ ඇස් දෙකත් තෙත් වූවාය. නමුත් දින දෙකක් යනුන මත්තෙන් ඇගේ මේ සියල්ල මුසාවක් බව පැවසූ කල් මාගේ සිතට නැගුන හැගීම නම් තමන්ගෙ චරිතෙ බිල්ලට දෙනවද ජනප්‍රිය කම ලබා ගන්න යන හැගිමය. මට පමනක් නොව ඔබටත් එය එසේ සිතෙන්න ඇත නියතාප්තෙන්ම. කෙල්ලො හරි මොඩයි යන කියමන ඈතක සිටන් පැවත එන්නක් බව ඇත්ත. නමුත් මේව දකිද්දි ඒ කියමන් කට කහනවට කියපු ඒව නොවන බවත් යම් යම් අවස්ථාවන්හි හැගෙනවා ඇත.
කෙසේ සිදු වූවාත් මෙම ප්‍රවෘතිය ඇත්තක් වේවා බොරුවක් වේවා එයින් සිදු වූවේ කෙනෙකුගේ මොඩ කුහක කම හා තම පෞද්ගලිකත්වය එළියට ආවාක්ය. ලස්සන පුංචි පුංචි කෙල්ලො මේ තරම් බොලද වැඩ කරන්නෙ ඇත්තටම ආදරේ නිසානම් එය එසේ සිදු නොවිය යුතුය. මෙම සිද්ධිය අසත්‍යයක් වූවත් මෙවැනි අපරාද නොවෙන රටක් නොව ලංකාව යනු. එම නිසා එවැනි අපරාද වලට මූලිකම හේතුව මේ ආදරය නොවෙද? එහිදී හදවතට පමනක් ඉඩ නොදී බුද්ධියටත් ඉඩ දිය යුතු නොවෙද? මාගේ මතයට අනුවනම් හැගීම් වලට වහල් නොවී බුද්ධයට නිසි තැන ලබා දිය යුතුය. මෙම ගැහැණූ දරුවන බොරුවක් කලා යැයි කිව හැකි නමුත් මෙම හේතුවට යොදාගත් සාධකය බොරුවක් නොවන බව ඔබත් මාත් නිසි ලෙස දන්නා කරුණකි. එම නිසා රටේ අපරාද රැල්ල නැවත්විය හැකි එකම පුද්ගලයා තමා යැයි සිතන්න. එවිට බොහො සේ විය යුතු දේ නැවතිලා ඇත අනිවාරයෙන්ම. කෙනෙකුගේ සිතකින් අනුකම්පාව ගැනිම යනු අප ණයට කඩෙන් අමුද්‍රව්‍ය ගත්ත වගේ තමා. නමුත් මේ ටික තේරුම් ගන්න පිරිස මහා ගොඩාරියක් නෑ. බොහොම පොඩ්ඩ දෙනයි ඒ සම්බන්දව දන්න ඇයො විදියට ඉන්නෙ. මා හිතවත මා නැවත නැවතත් පුන පුනා පවසන්නෙ තමන්ගේම ආත්ම බැදීම් පාපොච්චාරණය කිරීම නොසුදුසුයි. එම නිසා එය නොකර ඉන්න වග බලා ගත යුතුත් අපමයි. ඒ වාගේම ගොන් වැඩ නොකර ඉන්න විශේෂයෙන්ම ගැහැණූ උදවිය. මේ දැරිවිය කරපුදේ හරි වැඩක් නොවන බව මා පමණක් නොව ඔබත් මමත් එක හෙලා පවසන දෙයක්. ඔබේ නැගෙනිය මෙසේ නොමනා වැඩක් කලොත් එහිදීම ඇගේ ඒ වැරද්ද සෑදිය යුතුයි. එයින් බොහො අකාරුණීක දෙයින් ඇය වැලකෙනවා ඇත. කෙල්ලෙකුගේ චරිතය රන් හා සමාන යැයි ආදි ඇත්තො පවසා ඇති බව ඔබ අසා ඇතැයි මා විශ්වාස කරනවා ඇත. එසේනම් එහිදී මවගේ කුසෙන් එළිය දකින දූ සිගිත්ති කොහෙවත් යන හේතු මුල් කරන් ජීවිත විනාස කරගන්නවත් නිකරුනේ බොරු මවාපෑම් කර ජනප්‍රිය විමවත් ගැහැණීයකට ඔබින්නක් නොව. එසේ නම් ඒවායින් වැළකීම අපගේ උත්තම චාරිකාවේ එක් කරුණක් ලෙස මා දකිනවා ඇත. එවැනි පෙළබීම් නොවේවා යන්නෙන් එක ලෙස පතනවා ඇත.
දිනී ජයසේකර
42165

ඔවුනට අසම්මතයක් නොවූ ප්‍රේමය ලොවට අසම්මතයක් වෙලා...

ඔවුනට අසම්මතයක් නොවූ ප්‍රේමය ලොවට අසම්මතයක් වෙලා...
ලෝකය විසින් නම් දරන්නාවූ අසම්මත ප්‍රේමය ලෙස හැදින්වෙන්නේ අප කවුරුත් දන්නා අනියම් ප්‍රේමයයි. ප්‍රේමයේ රසවින්දනය නිතැතින්ම දරන්නා කවදාවත් අනියම් ප්‍රේමයක් නොපතයි. නමුත් අද වන විට මෙම අනියම් ප්‍රේමය සමාජ රැල්ලක් බවට පත් වී ඇත.

අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම ඒඩ්ස් වලටත් වඩා මරාන්තිකයි

අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම ඒඩ්ස් වලටත් වඩා මරාන්තිකයි
හුදෙක් මගේ ආරම්භය කුලියාපිටය දරුවා පිළිබදවම කතාකිරීම නොව. මාගේ උත්සහය දරුවකුගේ අධ්‍යාපන අයිතිය ගැන කතා කිරීමය.ඔබත් මමත් දන්නව නිතිය විසින්ම ස්ථාපිත කරන ලද අයිතීන් ප්‍රමාණයක් තියෙනව. ඒ තුලින් විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අයිතිය කැපි පෙනෙන්නක්. මොකද උගත් පිරිසක් ලොවට බිහි කිරීමේ හැකියාව ඇත්තේ අධ්‍යාපනය තුලය.

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....
උප්පැන්නයේ නාමිකයට අමතරව අප දරන නාමිකයන් බොහෝය. නමුත් ඒ නාමිකයන් අතරින් එක් නාමිකයක් ලෙස ගණිකාව නම් වූ නාමිකය හදුන්වාලිය හැක. මෙවැනි නාම මාත්‍රා යොදන්නෙ අප සමාජය විසින්මය.