Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=5;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Tuesday, February 18, 2020 at 7:41:11 AM
Script:/trin-trin/article/5/
ගනිද්දි මට පෙව්න ඩෙනිම අදිද්දි චෝදනාවක් වෙලා - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

ගනිද්දි මට පෙව්න ඩෙනිම අදිද්දි චෝදනාවක් වෙලා

ගනිද්දි මට පෙව්න ඩෙනිම අදිද්දි චෝදනාවක් වෙලා
දියව් දියව්
අපේ ඩෙනිම අපිට දියව්!!!

"සමහර අය මේ විදියට ඉල්ලීම් ඉල්ලද්දි ඒව ගානක්වත් නැතිව ඩෙනිම් අදින්නෙ අපි. ඔවු මේ අපි. ඒ කියන්නෙ කෙල්ලො. හරිම සරලයි. ඒ වගේම හැඩයි. ඔන්න මන්නම් නෙවේ මේම කියන්නෙ ඉල්ලීම් ඉල්ලන කොල්ලොම තමා ඕං." නෝන්ජලේ දැම්ම ඇති දැන්. බහිමු අපේ කතාවට.

"ඩෙනිම" ඉතාමත් පහසු ඇදුමක්. විශේෂයෙන්ම අපෙ ගෑණු දරුවන්ට. නමුත් මේ ඩෙනිමට පුරා අතීතයක් ඇති අතර ඒ අතීත උරුමයේ විශේෂ අයිතිය දරන්නේ පිරිමි පාර්ෂවයයි. මෙය පිරිමි පාර්ෂවය සතුව පැවතීයේ ඉතා සුළු කාලයකි. එය ගැහැණු විසින්ද අයිතිවාසිකම් දරන්නට පැමිණියාය. අතීතය පැත්තකින් තියමුකො අපි. දැන් අපි වර්ථමානයට පිවිසෙමු. වර්ථමානය වන විට ඩෙනිම් වර්ග වර්ග වලට බෙදී අප අතට පැමිණ ඇත. ඩෙනිම් ට්‍රවුසර් , ඩෙනිම් ලෙගින් , ෂෝර්ට් මේ ආකාරයට විවිධ විවිධ විලාසිතාවන් අප අතට පැමිණ ඇති අතර බේදයකින් තොරව අපි ඒවා අදිනව. මේ ඇදිල්ල අපිට කෙතරම් පහසු වූවත් අපේ ආච්චිල සීයලගෙන් ගැහැණු පාර්ෂවයට ප්‍රශ්ණ මතු වෙනව. එතකොට බැරි වෙලාවත් අපි ඕක ඇදන් යමන්කො ආච්චි ඉස්සරහට.. හත් වලාමේ අපි ඉදල හමාරයි නේද? ප්‍රශ්ණ කෝටියයි. ඒ මදිවට දහසකුත් ඇනුම් පද.. එයාල කියන්නෙනම් අපි ඒ කාලෙ කොටට ඇන්දෙ නෑ කියල. ඒත් මෙන්න ඇද යට තිබිල ඇල්බම් එකක් හම්බුනා. ඒකෙ ආච්චිල ඉන්නෙ මිනි ගවුම් ඇදන්. ඕව කීවම කියන්නෙ අපි ඕව ඇන්දට පිලිවෙලට උන්න කියල. අපිට නිකන් එහෙන් ගියොත් බෙල්ල නෑ මෙහෙන් ගියොත් කදම නෑ වගේනෙ වෙන්නෙ. එක අතකට පවුලක් වනාම ඒ වගේ තමා. නමුත් ඔබ මට එකග වනවාද නැද්ද යන්න මන් දන් නෑ. හැබැයි ආච්චිගෙ කතාවෙත් ඇත්තක් තියෙනව නේද? මේක බොහෝ බලපෑම් එල්ල වන්නෙ කාන්තාවන්ටය. මොකද කවදාවත් ලෙහෙසියකින් ගැහැණියක්ගෙ අතින් පිරිමියෙක් දුෂණය වන්නෙ නෑනෙ.. ඉතිං එහෙම බලද්දි ගැහැණුන් ඇදුමෙන් පැලදුමෙන් පවා පරිස්සම් විය යුතුය. ඒ මේ සමාජ ස්ථරයට එය නොගැලපෙන නිසාම නොව අප රටේ ජීවත් වන සමහර අසහනතාරී මිනිසුන් නිසාය. පන්ති ඇරිල ගෙදර එන නංගිල දන්නව ඇතිනෙ නේද මොනතරම් අසහන හිත් ඇති මිනිසුන් ලංකාවෙ ජීවත් වෙනවද කියල. නංගිල විතරක් නෙවේ අද සමාජෙ ආච්චිලටවත් නිදහසේ පාරක බැහැල යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. මොකද අද කෙල්ලොන්ට වඩා සුකුරුත්තන් කරන්නෙ ආච්චිලනෙ. හැබැයි සම්ප්‍රධායික ජීවිත ගෙනියන අයත් ඉන්නව. ඒ අතරින් සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය අයත් මේ සමාජෙ ඉන්නව. මේ හැම දේම අපි කල්පනා කල යුතුය.

මේ 20වන සියවස නිසාද මන්ද අද වන විට අපේ කොල්ලො කෙල්ලො ආදරේ කරන්නෙත් ඩෙනිමට. කොල්ල ඩෙනිමක් ඇදන් ගියෙ නැත්නම්.. "අපො අර බලන්නකො මෙයා.. අර කෙල්ලගෙ කොල්ල ඇදන් යන ඇදුම... ෂික්.. ගොඩයෙක් වගේ නේද අනේ.. ඒ කෙල්ලට මොලේ නැද්ද මන්ද?" ඒ වගේම කෙල්ලො.. කෙල්ලොනම් බොහෝ වෙලාවල් වලදී අදින්නෙ ඩෙනිම්නෙ ඉතිං එයාලට අහගන්න වෙන දේවල් ගැනනම් මට කනගාටුයි. ඒත් එක තමා ඇත්ත.... කෙල්ල හිර ඩෙනිමක් ඇදල ඒ මදිවට ඒක තැනින් තැන ඉරිල නම් "ඒ.. අර බලපන්කො මාර හොට් නේ බන්... " ශොකයට කාරනාවක්. ඇයි මේ විදියට මේ සමාජෙ බැරෑරුම්. නෑ මේ සමාජෙ බැරෑරුම් උනේ අපි නිසයි. අන්න එක අමතක කරන්න එපා. ඩෙනිම් ඇදපල්ල හැබැයි විනීතව. කෙල්ලෙක් උනාම වහගන්න ඕන විලි. තමන් තමන්ම වෙන්න. වෙන අයව අනුගමනයෙ යෙදෙන්න එපා. වෙන අයව අනුගමනයෙන් තමන්ට වෙන්නෙ තමන් විසින්ම තමන්ව සේල් කරන්න. මන් මේ ලිපියෙ කොහෙවත් සදහන් කරල නෑ ඩෙනිම් අදින්න එපා කියල. ඩෙනිම් අදින්න හැබැයි අවශ්‍ය ප්‍රමානය ඔබ හොදින් වටහා ගෙන. මම දන්න තරමින් කෙල්ලෙකුගේ විනීතම ඇදුම ඩෙනිමයි. හැබැයි එය විනීතව ඇන්දොත් විතරයි. එතකොට ඔය කාගෙවත් කටකට බෑ මුකුත් කියන්න. ඔබ කෙනෙකුගේ සිතෙන්වත් දුෂණය නොවීමට වග බලා ගත යුතුය.
දිනී ජයසේකර
4576

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.
කාලෝචිත තේමවක් නොවන මෙය කාගේත් අවදානය යොමු නොවූ පැතිකඩක් ලෙස දැක්විය හැක. එයින් සතුටු නොවන්නත් අපේ ආදුනික වැරදි සකසා ගැනීමටත් හැකි වනු ඇත නියතාප්තියෙන්ම. ඔබට මහත් සේ කම්පා කරවන මේ දසුන කුමක්ද? මෙය ඇත්තක්ද?

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...
සමාජ පංති පරතරය සහ දරිද්‍රතාව යනු මේ සමාජයේ දක්නට ලැබෙන අඩුපාඩුවකි. ඒ අඩුපාඩුව විටෙක කලු තිතක් සේ ඉස්මතු වන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන්නා වූ මෙවැනි පුංචි සිගිති දරුවන් නිසාය. නමුත් කිසිවෙකුට අවශ්‍යවී නොමැත මේ කලු පැල්ලම ඉවත් කිරීමට. එය එසේම පැවැත්වීමට ඔවුනට අවශ්‍යයෙන්ම උවමනා වී ඇත.

තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා

තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා
මේ දිනවල ඔබත් මමත් සැම විටම දකින්නා වූ ඡායාරූප පෙලක් හමු වුවා මතක ඇතිය. දැනටත් එම ඡායාරූප යම් තාක් ආන්දෝලනාත්මක ලෙස පැතිරෙනවා ඇත. තම ප්‍රේම වන්තයාගෙ නිත්ම යෑම නිසා ඇය සිය දිවි හානි කරගත්තා යැයි සමාජ වෙබ් අඩෙවි ඔස්සේ ප්‍රචාරය වූවාය.